Gossip

කොච්චිකඩේ දේවස්ථානය ආසන්නයේ තවත් පිපිරීමක් – වීඩියෝ

කොච්චිකඩේ පල්ලියට ආසන්නයේ තවත් පිපිරීමක් මිට සුළු වේලාවකට පෙර සිදු වි ඇති බව වාර්තා වනවා.

සැක සහිත වෑන් රථයක් ආරක්ෂක අංශ විසින් පරීක්ෂාවට ලක් කරමින් සිට තිබෙනවා. මෙහිදී අවට ජනතාව ආරක්ෂක අංශ විසින් ඉවත් කර ඇති බව ද වාර්තා වනවා.

කෙසේ වෙතත් එම අවස්ථාවේ දී සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර, ජනතාව ඔහුට ප්‍රහාර එල්ල කරමින් කලහකාරී ලෙස හැසිරී තිබෙන බවයි වාර්තා වන්නේ.

පසුව ඔහුව ජම්පටාර් වීදිය ඔස්සේ ඉදිරියට යමින් සිටිය දී වෑන් රථය නවතා තැබූ ආසන්නයේ මෙම පිපිරීම සිදුව තිබෙනවා. පිපිරීමෙන් සිදුව ඇති හානිය මෙතෙක් වාර්තා නොවන අතර, ජීවිත හානි සිදුව ඇත්දැයි තවමත් තහවුරු වී නැහැ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!