Gossip

“කොච්චර හොඳින් ඉන්න හිටියත් ඉන්න දෙන්නේ නැහැ නඩු දානවා” – රටේම කතාබහට ලක්වූ “හිතුමතේ ජීවිතේ” යළිත් අත්අඩංගුවට

පොල්ගස්ඕවිට ප්‍රදේශයේ නිවසක සිදුකළ සොරකමක් සම්බන්ධයෙන් ඩී වී සුමතිපාල නොහොත් හිතුමතේ ජීවිතේ නමින් ප්‍රසිද්ධියට පත් පුද්ගලයා ඊයේ (23) පිළියන්දල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2006 වර්ෂයේදී පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පිහිටි වෛද්‍යවරයෙකුගේ නිවසකින් අදාළ සොරකම සිදුකිරීමයි ඔහුට විරුද්ධව එල්ලවී ඇති චෝදනාව වන්නේ.

ඒ අනුව මරණ දඬුවම හිමිව බන්ධනාගාරගතව සිට යළි නිදහස හිමිව සිටි “හිතුමතේ” කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප නියම කෙරුණා.

නමුත් ඔහුට ඇප ලබා දීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවීම හේතුවෙන් යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

මේ සම්බන්ධයෙන් හිතුමතේ ජීවිතේ පවසා ඇත්තේ ‘‘රත්තරන් බඩු වගයක් ගත්තා කියනවා මම දන්නේ නැහැ අරන් ගියෙත් නැහැ කොච්චර හොඳින් ඉන්න හිටියත් ඉන්න දෙන්නේ නැහැ නඩු දානවා‘‘ කියලයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!