Gossip

කුසල් මෙන්ඩිස් හින්දා කවදාහරි දවසක හතුරුසිංහට ඔය කෝච්කමත් නැතිවෙනවා – කුසල් මෙන්ඩිස්ට බුකියෙන් නැවතත් ප්‍රහාරයක් – Photos

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර සිව්වැනි එක්දින තරගය ඊයේ (20) පල්ලෙකැලේ ක්‍රීඩා පිටියේදී පැවැත්වුණා.
මෙම තරගයේදී අවාසනාවන්ත ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වුණා.
ඒ ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට අනුව ලකුණු 18 ක ජයක් එංගලන්තයට හිමිකර දෙමින්
ප්‍රබල එංගලන්ත කණ්ඩායමට තියුණු තරගයක් ලබාදීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුවද අවාසනාවන්ත ලෙස තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවුණා.
පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 273 යි.
ජයග්‍රහණය සඳහා ලකුණු 274 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායම පන්දුවාර 27 ක් අවසානයේ තරගය නතර කරන විට කඩුලු දෙකක් දැවී ලකුණු 131 ක් ලබා සිටියා.
පිට පිටම තරග තුනකදි ලකුණු නොලබා දැවී ගිය කුසල් මෙන්ඩිස්ට මෙම තරගයේදීද සාර්ථක වීමට හැකියාව ලැබුණේ නැහැ.
මේ පිළිබඳව සමාජ මාධ්‍යවල දැඩි දෝෂාරෝපණ එල්ලවී තිබෙනවා.
අන්තර්ජාලය පුරාම කුසල් මෙන්ඩිස්ට පහර ගසමින් හුවමාරු රසවින්දනාත්මක පෝස්ට් කිහිපයක් වෙබ් ගොසිප් පාඨකයන්ගේ රසවින්දනය උදෙසා මේ විදිහට ගෙන එන්න අපි හිතුවා..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!