සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරඟයේ තෙවන දිනය අදයි.
අද දිනයේ කුසල් මෙන්ඩිස් සිය සිව්වැනි ශතකය වාර්තා කිරීමට සමත් වුණා.
එහි විශේෂත්වය වන්නේ කුසල් මෙන්ඩිස්ගේ 23 වන උපන්දිනයට අදට යෙදී තිබීමයි.
කුසල් මෙන්ඩිස් මේ වන විට පන්දු 271 කදී ලකුණු 136 ක් ලබාගෙන තිබෙනවා.
එයට 04 පහර 13 ක් සහ 06 පහර 01 ක් ඇතුලත්.