Gossip

කුරුණෑගල සහ නුවරඑළිය ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 35 ක් – රත්නපුර සියයට 40 යි..

2019 ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ කර මේ වන විට පැය 4 කට ආසන්න කාලයක් ගත වී තිබෙනවා.

දිවයින පුරා සිටින අද දෙරණ වාර්තාකරුවන් සඳහන් කළේ, ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද දායකයින් අතර වැඩි උනන්දුවක් පවතින බවයි.

ඒ අනුව අද උදෑසන 10.00 පමණ වනවිට සමස්තයක් ලෙස සියයට 25ක පමණ ප්‍රතිශතයක් ඡන්දය භාවිත කර ඇති බව සඳහන් වෙයි.

ඒ අනුව මහනුවර සියයට 30ක ප්‍රතිශතයක්, ගාල්ල සියයට 25ක ප්‍රතිශතයක්, අනුරාධපුර සියයට 25ක ප්‍රතිශතයක්, පොළොන්නරුව සියයට 20 ප්‍රතිශතයක්, නුවරඑළිය සියයට 40ක ප්‍රතිශතයක්, කළුතර සියයට 40ක ප්‍රතිශතයක්ද ඡන්දය භාවිත කර තිබේ.

මීට අමතරව වව්නියාව සියයට 25 ප්‍රතිශතයක්, මන්නාරම සියයට 30ක ප්‍රතිශතයක්, මාතර සියයට 30ක ප්‍රතිශතයක්, හම්බන්තොට සියයට 25 ක ප්‍රතිශතයක් සහ ත්‍රිකුණාමලය සියයට 25 ක ප්‍රතිශතයක් ඡන්දය භාවිත කර ඇති බව සඳහන් වෙයි.

2019 ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම අද පෙරවරු 7.00ට ආරම්භ වූ අතර එය අද පස්වරු 5.00 දක්වා පැවැත්වෙයි.

මෙවර සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව එක්කෝටි 59 ලක්ෂ 92,096 ක්.

ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද මධ්‍යස්ථාන 12,845 ක් දිවයින පුරා ස්ථාපිත කර තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!