Gossip

කුඩු නිසා නන්නත්තාර වුණු ගැහැණු

සංවි­ධා­නා­ත්මක අප­රා­ධ­ක­රු­වන් හෙවත් පාතාල සාමා­ජි­ක­යන් ඇතුළු මත් ජාවා­ර­ම්ක­රු­වන් සොයා පොලි­සිය සහ පොලිස් විශේෂ කාර්ය බළ­කාය ක්‍රියා­ත්මක කරන මෙහෙ­යු­ම්ව­ලදී දිනෙන් දින අත්අ­ඩං­ගු­වට පත්වන අප­රා­ධ­කා­ර­යන් සංඛ්‍යාව ශීඝ්‍ර ලෙස ඉහළ යමින් තිබේ. ඒ අතරේ මහා පරි­මාණ මත් ජාවා­ර­ම්කා­ර­යන්ට නොදෙ­වැ­නිව මහා පරි­මාණ මත් ජාවා­ර­ම්කා­රි­යන් බොහෝ දෙනෙක් පසු­ගිය දින කිහි­පයේ අත්අ­ඩං­ගු­වට පත්වූහ.

මෑත ඉති­හා­සයේ පාතා­ලයේ නායි­කා­වක් ලෙස වැජ­ඹෙ­මින් මත් ජාවා­රම සිදු කළේ කොළඹ ජම්ප­ටා­වී­දිය මුල්කොට අවට බලය පැතිරූ එඩ්වඩ් මේරි සෙල්වි හෙවත් කුඩු සෙල්වි නමැති කාන්තා­වයි. කොරෝනා වසං­ග­ත­යෙන් පසු බස්නා­හිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන් මහ­තාගේ ඍජු අධී­ක්ෂ­ණ­යෙන් සිදු කෙරෙන පාතා­ලය සහ මත් ජාවා­රම් මෙර­ටින් අතුගා දැමීමේ ක්‍රියා­න්වි­ත­යේදී මේ වන විට මහා පරි­මාණ මත් ජාවා­ර­ම්කා­රි­යන් සහ පාතා­ලය සමඟ ඍජුව සබ­ඳතා පැවැත්වූ ප්‍රබල ගණයේ අප­රා­ධ­කා­රි­යන් දහ­ය­කට වැඩි සංඛ්‍යා­වක් අත්අ­ඩං­ගු­ව­ට­ගෙන ඇති බව වාර්තා වේ.

මෙකී ජාවා­රම් සඳහා ළාබාල වයසේ පසු­වන තරු­ණි­යන්ගේ සිට වයස අවු­රුදු පනහ ඉක්මවූ කාන්තා­වන්ද සම්බන්ධ වී ඇත. රටේ විවිධ පළා­ත්ව­ලින් මෙකී කාන්තා­වන් අත්අ­ඩං­ගු­වට පත්වන්නේ මත්ද්‍රව්‍ය සහ ලක්ෂ ගණ­නින් මුදල් සහ දේපළ ද සම­ඟිනි. ගෙවී ගිය සතියේ දකුණේ පාතා­ලයේ ප්‍රබ­ල­යෙක් වීමට වලි කන දැනට බූස්ස බන්ධ­නා­ගා­රයේ සිටින ජනිත් මධු­ශංඛ ද සිල්වා හෙවත් පොඩි ලැසීගේ මව වන 52 හැවි­රිදි දිල්ෂානි තනෝජා අත්අ­ඩං­ගු­වට පත් වූයේ මත්ද්‍රව්‍ය ජාවා­ර­මෙන් උප­යා­ගත් මුදල් පරි­හ­ර­ණය සම්බ­න්ධ­යෙනි.

පෑලි­ය­ගොඩ පිහිටි බස්නා­හිර පළාත් උතුර අප­රාධ කොට්ඨා­සයේ නිල­ධා­රින්ට ලැබුණු තොර­තු­රක් අනුව සිදු­කළ වැට­ලී­ම­කදී පොඩි ලැසීගේ මව අත්අ­ඩං­ගු­වට ගනු ලැබූවේ පන්නි­පි­ටිය මාකු­ඹුර අධි­වේගි පිවි­සු­මට ආසන්න මායා මාවතේ තුන්වන පටු­මගේ තුට්ටු තුන­කින් යුත් සුවි­සල් නිවෙ­සක සැඟවී සිටි­ය­දීය. රුපි­යල් 51,000ක්, ජංගම දුර­ක­ථන පහක්, බැංකු පොතක් සමඟ අත්අ­ඩං­ගු­වට පත් ඇය පොලී­සි­යට කියා තිබුණේ, “පොඩි ලැසි කළු­තර බන්ධ­නා­ගා­රයේ රඳවා සිටි සමයේ පුව­ත්ප­තක පළවූ දැන්වී­මක් මඟින් මෙකී නිවෙස සොයා­ගෙන ඇති බවයි. වීඩියෝ දුර­ක­ථන ඔස්සේ සම්බන්ධ වෙමින් මීට මාස හත­කට පමණ පෙරදී අදාළ සුවි­සල් නිවෙස මිලදී ගැනී­මට කට­යුතු කළ බවයි. ඒ සඳහා ලැසී නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවා­ර­මෙන් උප­යා­ගත් මුද­ල්ව­ලින් මිල­දී­ගෙන තිබූ අවුඩි වර්ගයේ රථ­යක් සහ තවත් රථ­යක් විකුණා කෝටි එක­හ­මා­රක මුද­ලක්ද ලබා­ගෙන ඇති බවයි. අනා­ව­ර­ණය වන පරිදි පොඩි ලැසි නමැත්තා අප­රා­ධ­කා­ර­යෙකු වීමේ තිරය පිටු­පස සිටි තැනැ­ත්ති­යද මෙකී කාන්තාව බවයි.

මේ අතරේ පසු­ගි­යදා තවත් මහා පරි­මාණ මත් ජාවා­ර­මක ප්‍රධාන හවු­ල්කා­රි­යක වූ ඇඟ­ලුම් සේවි­කා­වක ලෙස රැකි­යාව කළ මිනු­ව­න්ගොඩ කාන්තා­වක අත්අ­ඩං­ගු­වට ගැනී­මට මීග­මුව නොවි­ස­ඳුණු අප­රාධ ඒක­කයේ ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක සම්පත් දිසා­නා­යක ප්‍රමුඛ පොලිස් කණ්ඩා­ය­මට හැකි විණි.

ඇය 37 හැවි­රිදි වියේ පසු­වන මිනු­ව­න්ගොඩ, වෑගො­වුවේ පදිං­චි­කා­රි­යකි. නදීකා සමන්ති නමැති ඇය දැනට රටින් පැන­ගොස් සිටින පිළි­ය­න්ද­ලදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ පොලිස් පරී­ක්ෂක නියෝ­මාල් රංග­ජී­වට වෙඩි ප්‍රහා­රය එල්ල කිරී­මට මාක­ඳුරේ මධුෂ්ගේ පාර්ශ්ව­යට සහාය දුන් මීග­මුවේ නවාස් නමැත්තා මෙහෙ­යවූ එම මත්ද්‍රව්‍ය ජාවා­රම තවත් සැක­ක­රු­ව­කුද සමඟ මෙරට සිට මෙහෙ­යවා ඇති තැනැත්තියයි.

එම ජාවා­ර­මට සම්බ­න්ධව ඇයගේ නමින් මීග­මුවේ පෞද්ග­ලික බැංකු­වක පව­ත්වා­ගෙන ගිය ගිණු­මක මේ වසරේ ජන­වාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ රුපි­යල් දෙකෝටි තිස්එක් ලක්ෂ­යක මුද­ලක් සැරි­සරා ඇති බව අනා­ව­ර­ණය වේ. මේ වන විට මත් ජාවා­ර­ම්ව­ලට සම්බ­න්ධව මෑත දින­ව­ලදී කාන්තා­වන් වැඩිම දෙනෙක් අත්අ­ඩං­ගු­වට පත්වූයේ දෙහි­වල, අත්ති­ඩියේ මහා පරි­මාණ මත් ජාවා­ර­ම්කා­ර­යෙක් ලෙස ප්‍රක­ටව සිටි දැනට බූස්ස බන්ධ­නා­ගා­රයේ පසු­වන මර්වින් ජානාගේ ඥාති හිතෛ­ෂින්ය.

ගෙවී ගිය සතියේ මර්වින් ජානාගේ මත් ජාවා­ර­මට සම්බන්ධ ගොවි­ජන සේවා දෙපා­ර්ත­මේ­න්තුවේ නියා­ම­ක­ව­රි­යක් ලෙස කට­යුතු කළ තිළිණි විජේ­රත්න නමැති කාන්තාව අත්අ­ඩං­ගු­වට ගනු ලැබූයේ දෙහි­වල පොලිස් නිල­ධා­රින් විසිනි. මර්වින් ජනාගේ මහ­ප්පාගේ දිය­ණි­යක වන සැක­කා­රිය බොර­ලැ­ස්ග­මුව, දේවා­ල­මුල්ල, පළමු පටු­ම­ඟේදී අත්අ­ඩං­ගු­වට පත්වූයේ වෑන් රථ­යක්ද සම­ඟිනි. ඇයගේ බැංකු ගිණුම් පරී­ක්ෂා­වේදී වසර තුනක් වැනි කාල­ය­කදී ගිණුම් පහ­කින් දාහ­තර කෝටි­ය­කට අධික මුද­ලක් සංස­ර­ණය වී ඇති බවයි.

බොර­ලැ­ස්ග­මුව, රත්ම­ලාන, දෙහි­වල ඇතුළු ප්‍රදේශ කිහි­ප­ය­ක­ටම මත්ද්‍රව්‍ය බෙදා­හැ­රීම සිදු­කර ඇති ඇය තිදරු මවකි.

මීට දින කීප­ය­කට පෙර එනම් පසු­ගිය 14 වැනි­දාද මර්වින් ජානාගේ වැඩි­ම­හල් සහෝ­ද­රිය වන මනෝරි රන්දිමා හෙවත් අක්කා නමැති කාන්තා­වද අත්අ­ඩං­ගු­වට පත්වූවාය. පසු­ගි­යදා හෙරො­යින් කිලෝ­ග්‍රෑ­ම­යක් සමඟ මොර­ග­හ­හේන ප්‍රදේ­ශ­යේදී අත්අ­ඩං­ගු­වට පත් යුව­ළ­ක­ගෙන් හෙළිවූ තොර­තුරු මෙකී ජාවා­ර­ම්කා­රිය ඇතුළු මහා පරි­මාණ මත්ද්‍රව්‍ය ජාල­යක සුල­මුල අනා­ව­ර­ණය කර­ගැ­නී­මට මුල් විය.

මෝටර් රථ­යක්ද සමඟ අත්අ­ඩං­ගු­වට පත් ඇය­ගේද බැංකු ගිණුම් පහක වසර තුනක් වැනි කාල­ය­කදී රුපි­යල් මිලි­යන 306ක මුද­ලක් හුව­මාරු වී ඇති බව දෙහි­වල පොලි­සිය සිදු­කළ විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය වේ.

මේ අතර පසු­ගිය 12 වැනිදා බොරැල්ල පොලි­සිය සිදු­කළ මත්ද්‍රව්‍ය ජාවා­ර­මට සම්බන්ධ මෑත අතී­තයේ සිටම මත් ජාවා­ර­මට ප්‍රකට කොළඹ නග­රයේ බොරැල්ල සින්න දූපතේ වැට­ලී­ම­කින් තවත් කාන්තා­වක අත්අ­ඩං­ගු­වට පත්වූ­වාය. මත් ජවා­ර­මට අතී­තයේ සිටම සබ­ඳතා පැවැති පවු­ල­කින් පැවැත එන ඇය 39 හැවි­රිදි සුද­ර්ශනි ලසන්තා බොතේජු හෙවත් අමාලි නම් වූවාය. අමාලි රැඳ­වුම් නියෝග මත රඳවා බොරැල්ල පොලි­සිය ­කළ ප්‍රශ්න කිරී­ම්ව­ලදී බන්ධ­නා­ගා­ර­ග­තව සිදු කෙරෙන හෙරො­යින් ජාවා­ර­මක සුල­මු­ලද අනා­ව­ර­ණය වී තිබේ. එ

කී මත් ජාවා­රමේ මුදල් කළ­ම­නා­ක­ර­ණය කර­මින් සුඛෝ­ප­භෝගි දිවි­යක් ගත­කර ඇති සැක­කා­රිය සතුව මැග­සින් පාරේ නිවෙ­සක සඟවා තිබී මෝටර් රථ­යක් සහ යතු­රු­පැ­දි­යක්ද සොයා ගැනී­මට පොලි­සි­යට හැකි විණි.

මෙලෙස මත් ජාවා­රම්හි නිර­තව අත්අ­ඩං­ගු­වට පත් කාන්තා­වන් අතර කොට්ටාව පොලි­සිය කාන්තා­වක අත්අ­ඩං­ගු­වට ගත්තේ වෑන් රථ­යක්ද සම­ඟිනි. 39 හැවි­රිදි එක්දරු මවක් වන ඇය වස­ර­කට පමණ පෙරදී බණ්ඩා­ර­වෙල සිට කොට්ටාව ප්‍රදේශයට පැමිණ කුලී නිවෙ­සක වාසය කර­මින් ඇඳුම් මසන රැකි­යා­වක් කරන බවට ව්‍යාජ රඟ­පෑ­මක් සිදු­කොට කුඩා දරු­වාද වෑන් රථයේ නංවා­ගෙන යමින් මත් ජාවා­රම ගජ­රා­මෙට කර­ගෙන ගොස් තිබුණාය. පසු­ගි­යදා පිළි­ය­න්දල ප්‍රදේ­ශ­යේදී තරුණ කාන්තා­වන් දෙදෙ­නෙක්ම සිය ස්වාමි­යන් සමඟ මත් ජාවා­රම්හි නිර­තව සිටි­යදී අත්අ­ඩං­ගු­වට ගැනී­මට මොර­ටු­මුල්ල පොලි­සි­යට සහ කොළඹ අප­රාධ කොට්ඨා­සය නිල­ධා­රින්ට හැකි විණි. මොර­ටු­මුල්ලෙ යුව­ළක් පිළි­ය­න්දල සුවා­ර­පොළ නිවෙ­සක් කුලි­යට ගෙන මත්ද්‍රව්‍ය පැක­ට්කොට ජාවා­රමේ නිරත වන බවට මොර­ටු­මුල්ල පොලි­සි­යට ලද තොර­තු­රක් මත එම යුවළ අත්අ­ඩං­ගු­වට ගෙන තිබිණි.

මෙලෙස කොළඹ අවට මහා පරි­මා­ණ­යෙන් සිදු­වන මත් ජාවා­රම් සඳහා කාන්තා­වන් ඍජු­වම සබ­ඳතා පවත්වා ඇති බව හෙළි වෙද්දී පසු­ගි­යදා හෝමා­ග­මදී අත්අ­ඩං­ගු­වට පත් කොස්ගොඩ තාර­කට අයත් බවට සැල­වෙන ගිනි­අවි තොග­යට සබ­ඳතා පැවැත්වූ කාන්තා­වක්ද අත්අ­ඩං­ගු­වට පත් වූවාය. හෝමා­ගම පොලි­සිය විසින් අත්අ­ඩං­ගු­වට පත් නුවනි විවේකා නමැති 32 හැවි­රිදි එම කාන්තාව ගිනි­අවි 12ක් සොයා ගැනුණු පස්ම­හල් ගොඩ­නැ­ඟිල්ලේ හිමි­ක­රුවා වන කෞශල්‍ය නමැ­ත්තාගේ අනි­යම් බිරි­යක ලෙස සිටි කාන්තා­වකි. ඇය කොස්ගොඩ තාර­කට අයත් පුපු­රණ ද්‍රව්‍ය තොග­යක් පිටි­පන සිල්ව­ර්හස්ට් වත්තෙ නිවෙ­සක සඟ­වා­ගෙන සිටි බවට ලැබුණු තොර­තු­රක් මත අත්අ­ඩං­ගු­වට ගැනිණි.

එසේම අප­රාධ මැඬ­ලීමේ මෙහෙ­යුම ආර­ම්භ­යේ­දීම කොස්ගොඩ තාර­කගේ මත්ද්‍රව්‍ය ජාවා­රමේ මුදල් පරි­පා­ල­නය කළ ලක්මිණි ප්‍රිය­ද­ර්ශනී නමැති කාන්තා­වක්ද සපු­ග­ස්කන්ද ප්‍ර දේශයේ ආර­ක්ෂිත නිව­ස්න­යක සිටි­යදී අත්අ­ඩං­ගු­වට ගැනු­ණාය. ඇය හෙරො­යින් ජාවා­ර­මෙන් ලැබෙන අති­වි­ශාල මුදල් කන්ද­රාව දවල් කාල­යේදී එක­තු­කොට රාත්‍රී කාල­යේදී ගණන් බලා කොස්ගොඩ තාරක දෙන උප­දෙස් මත අදාළ ස්ථාන­ව­ලට හෝ නිවෙ­ස්ව­ලට රැගෙන ගොස් දෙන බව පොලි­සිය අනා­ව­ර­ණය කර ගත්තේය. පිරිමි පුද්ග­ල­යන් දෙදෙ­නෙක්ද සමඟ ඇයව අත්අ­ඩං­ගු­වට ගැනුණේ මත්කුඩු සමඟ වැග­න්ආර් රථ තුනක් සමඟිනි.

මෙලෙස මත් ජාවා­රම්හි නිරත පාතාල අප­රා­ධ­කා­ර­යන් සමඟ සබ­ඳතා පව­ත්වන කාන්තා­වන් කොතෙක්ද යන්න නිශ්චි­තව කිව නොහැ­කිය. එහෙත් සක්සු­දක් සේ පැහැ­දිලි වන්නෙ පොලි­සිය සහ විශේෂ කාර්ය බළ­කාය මත්ද්‍රව්‍ය සහ පාතා­ලය මෙර­ටින් අතුගා දැමීමට සිදු කරන අඛණ්ඩ මෙහෙ­යුම් මඟින් මෙකී කුමා­රි­හා­මි­ලාට ලගි­න්නට සිදු­වන්නෙ මහ උළු ගෙදර බව­නම් මනා සේ පිළි­බිඹු වේ.

උපුටා ගැනීම – සිළුමිණ පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!