Gossip

“කිරි සුවඳ යන්නටත් මත්තෙන්, සුදුවතින් සැරසිලා අම්මටත් නොකියම, කිමද මා පුතේ”

සමහර සිදුවීම් වචනවලට පෙරලුවාම නෙතට කඳුලක් උනන තරමටම හිතට දැනෙනවා.
ඒ විදිහට මිය ගිය දරු සිඟිත්තකු වෙනුවෙන් මුහුණු පොතේ ලියවුණු සංවේදී සටහනක් මේ දිනවල අන්තර්ජාලය පුරාම හුවමාරු වෙනවා.
පුංචි සිගිත්තාගේ මරණය ගැන මවකගේ හිතක ඇතිවුණු වේදනාව එම සටහනේ ගැබ්වී තිබෙනවා.

මගේ රත්තරං මැණික් කොටේ…..
පැනි කුරුළු පැටියෙක් මෙන් 
කිරි බී…..දෙතනත් 
සපා හොරා වගේ 
ඇස් පිය උඩ හෙලා 
සිනාසුන ඒ අවදිය 
පපුවට වාවණු බෑ බෑ……. 
මට බෑ..මා පුත..

කිරි සුවද යන්නටත් 
මත්තෙන් සුදුවතින් සැරසිලා අම්මටත් නොකියම 
කිමද මා පුත….

මේ ලයත් දෙකට වෙන්වී 
නුඹේ තුරුලෙම අද 
අම්මටත් නිදන සැප මිස 
සදත් සැගවුණු අමාවක යට කෙලෙස තබන්ද 
තවත් ජීවන
මං පෙතක පියවර 
මා නම්……

මගෙ රන්කද ගනින් 
මේ අම්මත් ඉක්මනට 
ඔය තුරුලට අවසන් 
හුස්ම පොද ඔය මුහුණට හොවන්නට……

නිවන් සුව ලැබේවා පුතේ..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!