Gossip

කෑ ගැහුවට විනාඩි පහකින් ඇඟට තුරුල් වෙලා අර කේන්තිය ඔක්කොම ඉවරයි -මගේ මොකක්දෝ පෙර පිනකට හම්බුණේ – දිනක්ෂි ප්‍රියසාද්

ශනුද්‍රි, දිනක්ෂි කියන්නේ පුංචි තිරයේ ඉන්න ආදරණියම චරිත දෙකක්. මේ දෙන්නා රගන්න විතරක් නෙමෙයි, නටන්න වගේම ගයන්නත් දක්ෂයි. නිරන්තරයෙන්ම ප්‍රේක්ෂකයින්ගේ ආදරේ දිනා ගන්න අක්කා නගෝ දෙන්නා ගැනයි මේ කතාබහ.

ශනුද්‍රි මොනවගේ නංගී කෙනෙක්ද…?
ශනු මට වඩා අවුරුදු හතක් බාලයි. ඉතින් පොඩි කාලේ ඒ වයස් පරතරයත් එක්ක අපි දෙන්නා අතරේ කිට්ටු බැඳීමක් තිබුණේ නැහැ. නමුත් දැන් එයා වයසින් ගොඩාක් බාලයි කියලා මට තේරෙන්නේ නැහැ. එයා දැන් සමාජයේ දේවල් ගොඩාක් වටහාගෙන ගොඩාක් කට්ටිය ආශ්‍රය කරන නිසා ඒවාත් එක්ක එයාට අත්දැකීම් ලැබිලා තියෙනවා. ඒ නිසා අද වෙනකොට ශනු ගැන මට ගොඩාක් ආඩම්බරයි. අද මොකක් හරි ගැටලුවක් ඇතිවුණොත් ඒවා විසඳගන්න වුණත් හොඳ මොළයක් තියෙනවා. දැනටනම් එයා කියන්න තරම් මෝඩ වැඩක් කරලා නැහැ. එයාට වගකීම් දරන්න හැකියාවක් තියෙනවා.

ශනුට කේන්ති යනවාද…?
අම්මෝ ඔව්… එයා ටිකක් නෙමේ ගොඩාක් සැරයි. සෑහෙන්න කේන්ති යනවා. හැබැයි කේන්ති ගියාම එයා හරියට සෝඩා බෝතලේ වගේ තමයි. කේන්ති ගියාම කෑ ගහලා, බැණලා, එයා කේන්තිය පිටකරනවා. සමහර වෙලාවට කොච්චිකරල වගේ හරිම සැරයි. එයා නම් හිතාගෙන ඉන්නේ මම එයාට බයයි කියලා. හැබැයි මම නම් එයාට බය නැහැ. ලොකු නංගීත් එක්ක කේන්ති යනවට වඩා ශනු මාත් එක්ක තමයි වැඩිපුර කේන්ති ගන්නේ. කෑ ගැහුවට විනාඩි පහකින් ඇඟට තුරුල් වෙලා අර කේන්තිය ඔක්කොම ඉවරයි. ඇත්තටම සමහර වෙලාවට මගේ නංගිලා දෙන්නම මගේ හොඳ යාළුවෝ දෙන්නෙක් වගේයි. අපි තුන්දෙනාම හරි එකතුයි.

ගෙදරදී දෙන්නා කෑ ගහද්දී අම්මා ගන්නේ කාගේ පැත්තද…?
අම්මා එහෙම කාගෙවත් පැත්ත ගන්නේ නැහැ. අම්මා හරි පැත්තේ තමයි ඉන්නේ. ශනු වැරැද්දක් කළොත් ඒ වැරැද්දට එයාට දඬුවම් දෙනවා. මම කළොත් මටත් එහෙම්මම තමයි. හැබැයි පවුලේ බාලයා නිසා ශනුගේ පැත්තේ මුලින් ඉන්නවා. හැබැයි අන්තිමේදී එයාටම බණිනවා. අම්මා අපි තුන්දෙනාටම එක වාගේම ආදරෙයි.

ශනුට උයන්න පුළුවන් කියලා ආරංචියි…? ඒ උයන කෑම කන්න පුළුවන්ද…?
ඔව්… ඔව්… එයාට උයන්නත් පුළුවන්. ඒවා කන්නත් පුළුවන්. එයාට කේක් එහෙම හරි රහට හදන්න පුළුවන්. හැබැයි සමහරක් ඒවා නම් කන්න බැහැ… කටේ තියන්නවත් බැහැ. හැබැයි පුදුමේ කියන්නේ එයා හදන හැම කෑමක්ම එයාට හරි රසයි. සමහර කෑම හදන්න ගිහින් වැරදිලා අපිට කටේවත් තියන්න බැරි වෙද්දී එයා. “මාරයි… හරි… රසයි… ෂෝක්… කිය කියා එයාම කනවා. ඔය ප්‍රශ්නේ එන්නේ රෙසපි එකත් මුලින්ම හදද්දී තමයි. දෙපාරක් තුන් පාරක් එකම රෙසපි එක හැදුවම නම් ඉතින් හරිම රසයි… සමහර රෙසපි හදන්න ගිහින් රසේ වෙනස් වුණාම ඒකට එයාම අලුත් නමක් දාගන්නවා.

අක්කලා, නංගිලා තුන්දෙනාම ගෙදර ඉදිද්දී මොනවාද කරන්නේ…?
තුන්දෙනාම එකට ගෙදර ඉන්නේ නැති එකම තමයි ප්‍රශ්නේ. ඒ වගේ වෙලාවට අපි ෆිල්ම් බලනවා. හැබැයි ඒ බලන්න ගියත් එතනත් රණ්ඩු. සමහර වෙලාවට මම කැමැති ෆිල්ම් එකට ශනු කැමති නැහැ. එයා කැමති එකට මම කැමති නැහැ. ෆිල්ම් එකක් බලන්න ගියත් රණ්ඩු. ඇඳුමක් අඳින්න ගියත් රණ්ඩු. හැබැයි ඒ රණ්ඩුව ටික වෙලාවයි තියෙන්නේ. අපි ගෙදර ඉන්න දවස්වලට උයනවා. ඒ වෙලාවට තුන්දෙනාම එකට කුස්සියේ. ඉතින් අම්මගෙන් තුන්දෙනාටම බැනුම්.

ශනු නිසා වැඩියෙන් සතුටු වුණු දවසක් මතක් කළොත්…?
පසුගිය කාලේ විවිධ හේතූන් නිසා එයාට විවිධ මඩ ප්‍රහාර එල්ල වුණා. නොදැනුවත්කමින් සිදුවුණු දේවල් නිසා සමහරු එයාට චෝදනා කළා. ඒ එල්ලවුණු මඩ ප්‍රහාරත් එක්කම තමයි එයා ඒලෙවල් කළේ. ඒ කාලේදී අපි එයාගේ අධ්‍යාපනය ගැන බය වුණා… ඒ වුණත් එයා ඒලෙවල්වලට හොඳම ප්‍රතිඵල ගත්තා. යුනිවසිටි එකේ පළමු වසරේදී එයාට හැම විෂයටම හොඳ ප්‍රතිඵල ලැබුණා… එයා රිසාලිට් කියපු වෙලාවේ මට ගොඩාක් සතුටු හිතුණා… ශනුට මොනතරම් මඩ එල්ල වුණාත් එයා ඒ හැමදේම අභිබවා නැගිට්ටා.

අනිත් අය දකින ශනුද්‍රිට වඩා එයා ශක්තිමත් කෙනෙක්ද…?
ඔය කවුරුත් දකින ශනු නොවේ සැබෑ ශනු වෙන්නේ. බොහෝ දෙනා ශනු ගැන එක එක විදිහට හිතනවා. ශනු කියන්නේ හරිම සංවේදී නංගි කෙනෙක්. එයා හරිම ආදරණීය නංගී කෙනෙක්.

ඔය තුන්දෙනා කලාවට සම්බන්ධ වීම ගැන තාත්තා අද මොකද කියන්නේ…?
තාත්තා අපි තුන්දෙනා කලාවට සම්බන්ධ වීම ගැන හරිම සතුටුයි. අපි රඟපාන නාට්‍ය හැම එකක්ම බලන්න එයාට වෙලාව ලැබෙනවා හරිම අඩුයි. හැබැයි අපේ හැමදේටම තාත්තාගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. අපිව කලාවට එකතු කරන්න ලොකු ආසාවක් තාත්තාගේ තිබුණා… ඒ නිසා අද අපේ තාත්තාට ගොඩාක් සතුටු ඇති.

ශනු අද රංගනයට එකතුවෙලා තියෙනවානේ… අක්කා කෙනෙක් විදිහට එයාගේ රඟපෑම ගැන මොකද හිතෙන්නේ…?
එයාට හොඳට රඟපාන්න පුළුවන් කියලා අපි මුල ඉඳන්ම දැනගෙන හිටියා. එයා රඟපාද්දී එයා අද වෙද්දී හරි අපූරුවට ඒ දේවල් කරනවා. ඉතින් ඉඩ ලැබෙන හැමවෙලේම මම එයා රඟපාන නාට්‍යය බලනවා.

ශනු වගේ නංගියෙක් ජීවිතේට ලැබුණු එක ගැන මේ අක්කා මොකද හිතන්නේ…?
සතුටුයි… ශනු එයාගේ ජීවිතේ එයාගේ පොඩි වයසේදී ජීවිතේ දිනලා තියෙනවා. ඒ ගැන අක්කා කෙනෙක් විදිහට මම ගොඩාක් ආඩම්බර වෙනවා. එයාගේ වයසේ අනිත් අයටත් මගේ නංගී ලොකු ආදර්ශයක්. එයාට දෙවියන් වහන්සේ දීලා තියෙන දක්ෂතා නිකන් අපතේ යවලා නැහැ. එයා ඒවාවලින් හොඳට ප්‍රතිඵල අද අරගෙන තියෙනවා. මම හිතන්නේ මගේ මොකක්දෝ පෙර පිනකට මට මගේ නංගිලා දෙන්නා මගේ ජීවිතේට ලැබුණා.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!