Gossip

එකම පවුලේ 11 දෙනෙකු සියදිවිනසා ගනියි – හේතුව මිත්‍යා විශ්වාසයක්ලු

අභිරහස් ලෙස මියගොස් සිටි එකම පවුලේ 11 දෙනෙකු සියදිවි හානිකරගැනීමට හේතුව මිත්‍යා විශ්වාසයක් බවට අනාවරණ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙලෙස අභිරහස් ලෙස මියගොස් සිටි එකම පවුලේ 11 දෙනෙකුගේ සිරුරු ඉන්දියාවේ නවදිල්ලි නුවර නිවසකින් පසුගිය 02 දා සොයාගැනුනා.
මෙලෙස මියගොස් සිටි පිරිස අතර කාන්තාවන් 07 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් සිව්දෙනෙක් සිටියා.

ගෙල වැළලාගෙන මියගොස් සිටි අයගේ දෑස් ගැටගසා තිබුනා .

මළ සිරුරු සොයාගත් නිවස දින ගණනාවක සිට වසා දමා තිබූ බවට තොරතුරු අනාවරණය වී ඇති අතර නිවසින් දුර්ගන්ධයක් වහනය වන බවට අවට පුද්ගලයින් පොලිසිය දැනුවත් කර තිබෙනවා.

අනතුරුව පොලිසිය පැමිණ දොර කඩා නිවසට ඇතුල්වී බැලීමේදී මියගොස් සිටි පිරිසගේ මළ සිරුරු සොයාගැනීමට හැකිවී ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්යෙන් දිල්ලි පොලිසිය සිදුකළ වැඩිදුර පරීක්ෂණ වලදී අනාවරණ වී ඇත්තේ එම පවුලේ සමීප පුද්ගලයෙකු වූ ලලිත් නැමැත්තා විසින් පැවසූ මිත්‍යා විශ්වාසයකට අනුව මෙම සියදිවි හානිකරගැනීම සිදුකරගෙන ඇති බවයි.

එහිදී එම පුද්ගලයා විසින් පවසා ඇත්තේ ස්වර්ගස්ථ වීමට ඇති එකම මග සියදිවි හානිකරගැනීම බවයි.

අදාළ සියදිවි හානිකරගත් නිවස තුළ සිට පිටතට නළ මාර්ග 11 ක් තිබී ඇති බවත් ඒවායෙන් කිසිදු ආකාරයක ජලය ගලා යාමක් සිදුවිය නොහැකි බවයි පරීක්ෂණ වලදී අනාවරණ වී ඇත්තේ.

මේ අතර අදාළ පුද්ගලයා විසින් එම පවුලට ලබාදුන් උපදෙස් පිළිබඳව ඔහුගේ දිනපොතේ සටහන් යොදා තිබීමද විශේෂත්වයක්.

මෙම තොරතුරු සියල්ල අනාවරණ වීමට හේතුවී ඇත්තේ අදාළ නිවසේ තැන තැන තිබූ දිනපොත් කොටස් ආශ්‍රයෙන් සිදුකළ පරීක්ෂණයි.

ඒ අනුව එම නිවසේ තිබී දිනපොත් 11 ක් ද සොයාගෙන ඇති අතර 11 දෙනාම එකවර සියදිවි නසාගෙන ඇති අතර අන්තිමට සියදිවි නසා ගැනීමට තැත් කර කෙනා අන්තිම මොහෙතේදිත් එයින් පණබේරා ගැනීමට උත්සකර ඇතිබවද මේ වනවිට අනාවරණය වී තිබෙනවා.

ඒවා තුළ ස්වර්ගස්ථ වීමට එකම මග සියදිවි හානිකරගැනීම බවට සැකකාර පුද්ගලයා විසින් පැවසූ මිත්‍යා මතය ලියා තිබූ බවට අනාවරණ වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මේ අතර සැකකරු විසින් පවසා ඇති කරුණු වලට අනුව එම පවුලේ සිටි පුද්ගලයන්ගේ වෙනස් හැසිරීමක් තිබුනාද යන්න සෙවීම සඳහා පුද්ගලයන් 130 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!