Gossip

කාමාතුරයන් නැතිකරන්න පොලිසිය විසින් අන්තර්ජාලයට එක්කළ, රහසිගතව පටිගත කළ වීඩියෝව මෙන්න

කාන්තාවන්ට සිදුවන ලිංගික අතවරයන් ගැන ලෝකයේ හැමරටකින්ම වගේ දවසින් දවස අපිට අහන්න දකින්න ලැබෙනවා.
සංවර්ධනය රටවල මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවලත් මේ තත්ත්වය පවතිනවා.
විකෘති ආශාවන් සහිත පුද්ගලයන් නිසා කාන්තාවන් වැඩි වශයෙන් ලිංගික හිංසනයන්ට ලක්වන බවයි වාර්තා වන්නේ.
මෙයට අපූරු විසඳුමක් හොයන්න දකුණු කොරියානු පොලිසිය සමත්ව තිබෙනවා.
කාන්තාවන්ගේ කොට ගවුම් ඇතුළත දර්ශන රහසින් පටිගත කිරීම දකුණු කොරියාව තුළ විශාල සමාජයීය ගැටලුවක් බවට පත්ව තිබෙනවා.
සඟවන ලද කැමරා ඔස්සේ පටිගත කරන ලද අසැබි දර්ශන හා සම්බන්ධ ලිංගික අපරාධ දහස් ගණනාවක් දකුණු කොරියාව තුළ වසරක් පාසා වාර්තා වනවා.
රහසින් බලා ලිංගික ආශ්වාදයක් ලැබිය හැකි එවැනි වීඩියෝ දර්ශන සොයා අන්තර්ජාලයේ සැරිසරන පුද්ගලයන් කම්පනයට පත් කළ හැකි ක්‍රමවේදයක් වෙත දකුණු කොරියානු බලධාරීන්ගේ අවධානය යොමුකර ඇති බව සඳහන්.
රහසින් පටිගත කරන ලද බව හැඟවෙන ඉහත කී ආකාරයේ ව්‍යාජ වීඩියෝ දර්ශන පෙළක් නිෂ්පාදනය කර ඇති දකුණු කොරියානු පොලිසිය විසින් එම දර්ශන අන්තර්ජාලයට මුදා හරින්න කටයුතු කරලා.
ඒ පිළිබඳ සැක නොකළ රහසින් බලා සතුටුවන්නන් විසින් එම දර්ශන සහිත වීඩියෝ දස දහස් වාරයක් බාගත කර තිබෙනවා.
අදාළ වීඩියෝ පට නරඹන අතරතුර “ඇය සිය දිවි නසාගැනීමට යොමු කළේ ඔබ විය හැකියි” යනුවෙන් සඳහන් වැකියක් තිරය මත දර්ශනය වේ. එමෙන්ම එවැනි වීඩියෝ දර්ශන අඩංගු වෙබ් අඩවි පොලිසියේ නිරීක්ෂණයට ලක්වන බවත් එහි සඳහන් කර ඇත.
දකුණු කොරියාවේ නීතියට අනුව සැඟවූ කැමරා මගින් දර්ශන පටිගත කරන පුද්ගලයන්ට එරෙහිව වසර පහක් දක්වා වූ සිර දඬුවමක් නියම කළ හැකියි.
රහසේ පටිගත කළ අසැබි දර්ශන නරඹන සංඛ්‍යාව “කම්පන ප්‍රතිකාරය” මගින් අඩුවනු ඇති බවට දකුණු කොරියානු පොලිසිය විශ්වාසය පළ කරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!