Gossip

කාන්තාවන් රාජකීයන් අසළට ගියහොත් එතුමන්ලාට දණහිසින් නැමී ආචාර කරන්න – බුකිය පුරා පැතිරෙන ලියවිල්ලේ ඇත්තම කතාව මෙන්න

පෙබරවාරි මස 04 වන දින පැවැත්වෙන නිදහස් දින සැමරුම මෙවර ගාලු මුවදොරදී පැවැත්වෙනවා.

ඉතින් මෙවර නිදහස් දින සැමරුමට මහා බ්‍රිතාන්‍යයේ විශේෂ ආරාධිත අමුත්තන් ලෙස එක්සත් රාජධානියේ එළිසබෙත් රැජින නියෝජනය කරමින් දින 6 ක නිල සංචාරයක් සඳහා රජ පවු‍ලේ එඩ්වඩ් කුමරු සහ සොෆි කුමරිය ඊයේ (31) දිනයේ කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටු‍පොළින් දිවයිනට පැමිණියා.

මේ සමගම ෆේස්බුක් හා ට්විටර් වැනි සමාජජාල මාධ්‍යයන්වල ලියවිල්ලක් හුවමාරු වෙන්න පටන් ගැනීමත් සමගම මේවන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

බ්‍රිතාන්‍ය රාජකීයන් පිළිගැනීම පිළිබඳව ශ්‍රී ලංකාවාසීන් හුරු පුරුදු නොමැති බව සඳහන් කරමින් එම ලියවිල්ලෙන් උපදෙස් මාලාවක් ඉදිරිපත් කර තිබුණා.

මේ එම ලියවිල්ලේ සඳහන් උපදෙස්වලින් කිහිපයක්.

රාජකීයන් අසළදී හිස් වැසුම් ගලවන්න.
ශරීරය මනාව වැසෙන පරිදි ඇඳුමක් ඇඳ පැමිණෙන්න.
රාජකීයන් නැගිට සිටියදී වාඩිවී සීටීමෙන් වළකින්න.
රාජකීයන් අසළදී හඩා නගා කතා කිරීමෙන් වළකින්න.
ජංගම දුරකථන සෑම විටම ක්‍රියා විරහිත කර තබන්න.
රාජකීයන්ගේ මුහුණු දෙස එක එල්ලේ නොබන්න.
පිරිමින් රාජකීයන් අසළට ගියහොත් එතුමන්ලාට කොන්ද නමා ආචාර කරන්න.
කාන්තාවන් රාජකීයන් අසළට ගියහොත් එතුමන්ලාට දණහිසින් නැමී ආචාර කරන්න
රාජකීයන්ව ස්පර්ෂ කිරීමෙන් වළකින්න. මෙය අපරාධමය වරදකි.
රාජකීයන් ආහාර ගැනීමට මත්තෙන් ආහාර ගැනීම වළකින්න.

කෙසේවෙතත් මේ ලියවිල්ලේ කිසිදු සත්‍යතාවයක් නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරනවා. මෙවැනි කමිටුවක් හෝ ලියවිල්ලක් හෝ නිකුත් කර ඇති ඩී එෆ් එම් ද මැල් නමින් කිසිවෙකු නොමැති බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කරනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!