Gossip

කාන්තාවන් නිදාගෙන ඉන්න ගෙවල්වලට මහ රෑ එබෙන ගමන්, ගමක්ම බය කළ “ග්‍රීස් යකා”ට, අවසානයේ සිද්ධ වෙච්ච දේ මෙන්න

තරුණ කාන්තාවන් නිදා සිටින නිවාසවලට නිරුවතින් පැමිණ ජනෙල් දොරවල්වලින් නිවෙස්වලට එබිකම් කරමින් අසභ්‍ය ලෙස හැසිරෙන ආකාරය දැක්වෙන සීසීටීවී කැමරා දර්ශනද සමග වේයන්ගොඩ හල්ගම්පිටිය ප්‍රදේශයේ සැකකරුවකු 01 දා රාත්‍රියේ වේයන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙහි සැකකරු වූයේ හල්ගම්පිටිය පදිංචි හතළිස් දෙහැවිරිදි දෙදරු පියෙක්.
මෙම අපචාර ක්‍රියාව සම්බන්ධව මෙයට පෙරද අවස්ථා ගණනාවක් මොහු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කොට දඬුවම් ද පමුණුවා තිබෙනවා.
නිරුවතින් පැමිණෙන හා හැසිරෙන ආකාරය දැක්වෙන දර්ශනද සමග සැකකරු ගම්පහ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය 01 දා පියවර ගෙන තිබූ අතර වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. පී. වීරසිංහ මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ පොලිස් පරීක්ෂක සුනිල් ප්‍රේමරත්න, උප පොලිස් පරීක්ෂක පත්මසිරි, පොලිස් සැරයන් (6247) බාලසූරිය යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

දිවයින

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!