Gossip

ක්‍රිස් ගේල්ටත් ආච්චි වැහුනද? BPL පිටිය සැණකෙළියක් කළ හැටි මෙන්න

ඊයේ තිබ්බ BPL අවසන් තරඟයේදී King of Sixes ක්‍රිස් ගේල් කියලා ආයෙත් පාරක් ඔප්පු කරා.

ඊයේ (13) දින Rangpur Riders සහ Dhaka Dynamites කණ්ඩායම් අතර මෙම තරඟය පැවැත්වුන අතරම එහිදී පන්දුව ගුවනේම තැබූ සුපිරි පිතිකරු ගේල් ක්‍රිකට් ඉතිහාස පොතට එක්වන්නේ විස්සයි විස්ස තරඟයකදී වැඩිම හයේ පහර සංඛාවක් එල්ල කළ ක්‍රීඩකයා ලෙසින්.

ඊයේ තරගයේදී ගේල් 6 පහර 18 ක් එල්ල කරා. ඒ අනුව T20 තරඟයක දී ක්‍රීඩකයෙක් එල්ල කරන ලද වැඩිම 6 පහර ගණන විදියට තමයි වාර්තා වුනේ. මීට පෙර මෙම වාර්තාව හිමිවූයේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ක්‍රිස් ලින් හටයි.

පන්ද්‍ර 69 කදී නොදැවී ලකුණු 146 ක් රැස් කර ගන්න ගේල් ඊයේ සමත් වුණා.

මේ අතර තරඟයේ වීරයා මෙන්ම තරඟාවලියේ වීරයා වුණේද සුපිරි පිතිකරු ක්‍රිස් ගේල්.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!