Gossip

ක්‍රිකට් පිටිය උඩුයටිකුරු කළ සුපිරි ක්‍රීඩක සනත් ජයසූරිය, ප්‍රේක්ෂක හදවත් කඳුලින් පුරවයි – Photos

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කතා කරද්දි එහි හිටපු ප්‍රබලම ක්‍රීඩකයෙක් විදියට සනත් ජයසූරිය හඳුන්වන්න පුළුවන්.

ලංකාව ලැබූ ජයග්‍රහණ රැසක පසුපස සිටි සනත් ලංකාවේ නම ජාත්‍යන්තරය ඉදිරියේ බබලවපු ක්‍රීඩකයෙක්.

ඉතින් සනත් පසුගිය දිනවල පුරාවට දරුණු දණහිසේ ආබාධයකින් පීඩා විඳින අතර ඔහුට තනිව ඇවිදගන්න පවා බැරි තැනට පත්ව තිබුණා.

එම තත්වයට අදාළ ප්‍රතිකාර ගැනීම සඳහා සනත් පසුගියදා ඕස්ට්‍රේලියාවට බලා පිටත්ව ගියා.

එහිදී ඔහුගේ දණහිසට ශල්‍යකර්මයක් කිරීමටයි.

එම ප්‍රතිකාර ලබා රෝහල්ගතව සිටින ජයසූරියගේ ඡායාරූපයක් අපිට ලැබුණා.

කවුරුත් ආදරය කරපු මේ සුපිරි ක්‍රීඩකයාගේ එම ඡායාරූපය දුටු හුඟදෙනෙකුට දෙනෙතට කඳුලක් එක්වී තිබුණේ ඔහුට ඇති ආදරය නිසාමයි.

සනත් ජයසූරිය ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවපු හිටපු නායකයෙක් ලෙස  අපේ රටට ගෙන දුන් ජයග්‍රහණ සහ කීර්තිය අපමණ වන අතර වෙබ් ගොසිප් අප ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!