Gossip

ක්‍රිකට් ගොඩගන්න ආපු හතුරුසිංහ, ටීම් එකේ හැමෝම මනෝ වෛද්‍යවරයෙක් ගාවට යවයි – සියලු විස්තර මෙන්න

පසුගිය දිනවල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිදුවූ පසුබෑම නිසා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් අතර ඔවුන් ගැන ඇත්තේ අමනාපයක්.

වසර 2017 දී ශ්‍රී ලංකා කණ්ඩායම සහභගි වූ තරග 57 කින් තරග 41 ක්ම පරාජය වුණා. ජයගැනීමට පුළුවන්වුණේ ටෙස්ට් තරග 4 ක්, එක්දින තරග 5 ක් සහ විස්සයි-20 තරග 5 ක් පමණයි. ප්‍රතිශතයක් වශයෙන් ගතහොත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණ සටහන් වන්නේ ටෙස්ට් තරගවලිදී 30.76 % ක්, එක්දින තරග වලදී 17.24% ක් සහ විස්සයි-20 තරග වලදී 33.33 % ක් ලෙසින්.

මේකට කවුරු වගකිවයුතු වුණත් බොහෝ අය පැවසුවේ නැවත ලංකාවේ ක්‍රිකට් නගාසිටුවිය යුතු බවයි.

කොහොමවුනත් පසුගියදා ශ්‍රී ලංකා කණ්ඩායමේ නවතම පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ පත්වුණා කියලා හැමෝම දන්නවානේ.

ඉතින් හතුරුසිංහ දැන් ලංකාවේ ක්‍රිකට් හදන වැඩේ පටන් අරන් තියෙන්නේ.

ඒ අනුව ඔහු මුලින්ම කරන්න හදන්නේ බංග්ලාදේශ, සිම්බාබ්වේ, ශ්‍රී ලංකා තුන්කොන් සටනට කණ්ඩායම තෝරන්න පුහුණු කදවුරක් තියන්නලු.

ක්‍රිකට් ආරංචි මාර්ග නම් පවසන්නේ බොහෝ දුරට කණ්ඩායමේ නායකත්වය චන්දිමාල්ට දෙයි කියලායි.

ඒ වගේම පසුගිය වසරේදී කණ්ඩායමට එක්වූ ක්‍රීඩකයන් පිළිබඳව තක්සේරුවක නිරත වූ හතුරුසිංහ මහතා ඉන් අනතුරුව ක්‍රීඩකයන්ට ප්‍රශ්න පත්‍රයක් බෙදා දී තිබෙනවා. එය ඔවුන්ගේ එදිනෙදා දිවියේ කැමැති/අකමැති දේ සම්බන්ධ ප්‍රශ්න පත්‍රයක්. ඔහුගේ ප්‍රශ්නාවලියට ක්‍රීඩකයන් දෙන පිළිතුරු පසුව මනෝ විද්‍යාඥයකුට යොමු කරන බවටත් වාර්තා වෙනවා.

“සෑම ක්‍රීඩකයකුගේම මානසිකත්වය ගැන වැටහීමක් ලබාගන්න හතුරුසිංහට ඕනෑ කරලා තියෙනවා. සමහර ක්‍රීඩකයන්ගෙන් වැඩි ප්‍රයෝජනයක් ගන්න නම් සියලු දෙනාම ඉදිරියේ ඔවුන්ට තදින් අවවාද කරන්න ඕනා. තවත් ක්‍රීඩකයන් කොට්ඨාසයක් ඉන්නවා, ඔවුන්ගෙන් වැඩි යමක් ගන්න නම් පැත්තකට අරගෙන මෘදුව කතා කරන්න ඕනා. මේ දෙකම ඕනෑ කරන ක්‍රීඩකයන් පිරිසකුත් අපට ඉන්නවා. ඒ නිසා ක්‍රීඩකයන් දෙන පිළිතුරු මනෝවිද්‍යාඥයකුගේ යොමු කිරීමෙන් පසුව ලැබෙන උපදෙස් හතුරුසිංහ මහතාගේ ඉදිරි පියවර සඳහා බොහෝ උපකාරී වේවි” යයි හතුරුසිංහගේ පළමු පුහුණු සැසිය නිරීක්‍ෂණය කිරීමට පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරියෙකුත් කියලා තියෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!