Gossip

කලාකරුවන්ට මොකද මේ වෙන්නේ? තවත් රංගන ශිල්පියෙක් හදිසි අනතුරකින් ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට

හයිලෙවල් මාර්ගයේ හෝමාගම පිටිපන ප්‍ර දේශයේ එකම දිශාවට ගමන් ගත් පෞද්ගලික බස් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් ඊයේ (01) දහවල් සිදුවූ අනතුරකින් වේදිකා හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ, රංගන ශිල්පී එස්. අයි. සමරක්කොඩි මහතා මේවන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ බස් රථය මහරගම සිට පාදුක්ක හඳපාන්ගොඩ දක්වා යතුරුපැදියෙන් ගමන් කරමින් සිටි සමරක්කොඩි මහතා පැදවූ යතුරුපැදියෙහි ගැටී ඇතැයිද මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය පවසනවා.

කෙසේවෙතත් අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු හෝමාගම පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!