Gossip

කප් ගහපු ශ්‍රී ලංකා ක්‍රිකට් අද වැටිලා තියෙන තැන මෙන්න – Photos

2019 ලෝක කුසලානය සඳහා ක්‍රිකට් කණ්ඩායමට අනුග්‍රාහකයෙක් සොයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැන්වීමක් ප්‍රසිද්ධ කර තිබෙනවා.
මෙම දැන්වීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෙබ් අඩවියේ පලකර ඇති අතර කණ්ඩායමේ නිල ඇඳුම් මුද්‍රණය කරන ප්‍රධාන අනුග්‍රාහකයා ඇතළු අනුග්‍රාහකයන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සොයමින් සිටින බව එහි සඳහන් කර තිබෙනවා.
දිනෙන් දින පරාජයන් වැළඳගන්නා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ දිනවල දැඩි විවේචනයන්ට ලක්ව තිබීම මෙයට හේතුව බවයි බොහෝ දෙනා පවසන්නේ.
මුදල් සහ නායකත්වය වැනි සාධක මුල් කරගෙන තරග පරාජයන් කරවීමට ක්‍රීඩකයන් කටයුතු කරන බවටද චෝදනා එල්ල වුණා.
තවද මේ පිළිබඳව පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද චෝදනා එල්ල කළා.
ක්‍රිකට් බලධාරීන්ද පෞද්ගලික න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරමින් මුදල්ල උදෙසා ක්‍රීඩාව පාලනය කිරීමද කණගාටුවට කරුණක්.
මෙවන් පසුබිමක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දැඩි පසුබෑමකට ලක්ව සිටින මොහොතක ලෝක කුසලානයේ අවසන් කණ්ඩායම හෝ නායකයාද තවමත් තෝරාගෙන නොමැති වීම විශේෂත්වයක්.

අනුග්‍රාහකයෙක් සොයා පලකළ දැන්වීම පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!