Gossip

අමල්වයි නදීමාල්වයි හමුවෙන්න ඩුබායි පොලිසියෙන් අවසර දෙයි

ඩුබායි හෝටලයකදී මාකඳුරේ මධුෂ් සමඟ අත්අඩංගුවට ගත් ගායන ශිල්පී අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරාව මෙම ඉරිදා එනම් 17 වන වනදා හමු වී සාකච්ඡා කිරීමට ඩුබායි පොලිසිය අවසර දුන් බව ඔවුන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ උදුල් ප්‍රේරමරත්න මහතා සඳහන් කළා.

තමන් ඇතුළු ශ‍්‍රී ලංකාවෙන් ඩුබායි වෙත ගිය නීතිඥවරුන් කිහිප දෙනා ඊයේ ඩුබායි පොලිසිය වෙත ගිය බව ද එහිදී අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා සම්බන්ධයෙන් තමන් පොලිස් නිලධාරීන්ගෙන් විමසා සිටි බව ද ඔහු කියා සිටියා.

නදීමාල් පෙරේරාගේ රුධිර සාම්පලවල කිසිදු මත්ද්‍රව්‍යයක් අඩංගුව නැති බවට ඩුබායි පොලිසිය ප‍්‍රකාශ කළ බවද අමල් පෙරේරාගේ රුධිර සාම්පලවල ප‍්‍රතිඵල මෙතෙක් ලැබී නැති බව ද සඳහන් කළා.

නදීමාල් පෙරේරාගේ රුධිර සාම්පල කලින් ගෙන්වාගෙන තිබෙන්නේ ඔහු වයස් අඩු පුද්ගලයෙක් නිසා බවයි පැවසෙන්නේ.

“මත්ද්‍රව්‍ය චෝදනාව ඩුබායි රටේ ඉතාමත් බරපතළ චෝදනාවක්. ඔවුන් යටතේ අත්අඩංගුවේ පසුවන සැකකරුවන් බලන්න ඉඩ දෙන්නේ ඉරිදා දිනයේ පමණයි. ඒ නිසා අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා මෙම ඉරිදා හමු වී කතාකරන්න අපි නියම කර ගත්තා” යැයි ද උදුල් ප්‍රේමරත්න සඳහන් කළා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!