හොලිවුඩ්

කන්‍යාභාවය වෙන්දේසි කරන වෛද්‍ය සිසුවිය……..

හොඳට නරකට දෙකටම අන්තර්ජාලය අවශ්‍යයි.

ඉතින් දැන් ඔබට කියන්න හදන්නේ අන්තර්ජාලය නරක පැත්තකට හරවා ගත්ත සිදුවීමක් සම්බන්ධයෙන්.

එය ප්‍රසිද්ධ වෙන්දේසියක්. නමුත් සියලු විකුණුම් ඉක්මවා ගිය වෙන්දේසියකි. එහි වෙන්දේසි වන්නේ ලෝක සාරධර්මයන් හා සභ්‍යත්වයන් යැයි පැවසීමද අතිශයෝක්තියක් නොවේ.

ඒ තමයි  අමෙරිකානු ජාතික සිසුවියක් සිය කන්‍යාභාවය අන්තර්ජාලය හරහා වෙන්දේසියේ දැමීමට සුදානමින් සිටින බවයි.

මේ වෙන්දේසිය මෙහෙයවන්නේ අමෙරිකානු ජාතික 27 හැවිරිදි එළිසබෙත් රෙයින් නැමැති වෛද්‍ය සිසුවියක් විසිනි.

එළිසබත් ඇයගේ කාන්‍යාභාවය වෙන්දේසි කරන්න යන්නේ ඇ.ඩො.ලක්ෂ 4ක් (රු.කෝටි 5.20ක්) ට.

කෙසේ වෙතත් මීට වඩා ඉහළ මිලකට යමෙකු අන්තර්ජාලය හරහා ලන්සුවක් තැබුවහොත් ඒ සඳහා තම කන්‍යාභාවය වෙන්දේසි කිරීමට සුදානමින් සිටින බවද එළිසබත් පවසයි.

ඇය තම බ්ලොක් අඩවිය හරහා මෙම වෙන්දේසිය මෙහෙයවීමට සැදී පැහැදී සිටියි.

අදාළ වෙන්දේසිය අප්‍රේල් මස පළමු දිනයේ සිට ක්‍රියාත්මක වන බවද සඳහන් වෙයි.

වෙන්දේසිය තුළින් තමන්ව ලබාගැනීමට බලාපොරොත්තු වන තැනැත්තා ගැන කිසිදු කොන්දේසියක් ඇය ඉක්මවා නොමැති අතර, ලන්සුව ඉහළ නම් ඒ කවරෙකු වුවත් ප්‍රශ්නයක් නොමැති බව  ඇය පවසා තිබෙන බව වාර්තා වෙයි.

නමුත් වෙන්දේසියේ ගනුදෙනුවට පෙර ඔහු සමඟ යම් කතාබහක් කිරීමට තමන් බලාපොරොත්තු වන බව පමණක් ඇය කියයි.

එසේම වෙන්දේසිය වැඩිම ලන්සුව තබන තැනැත්තාට පැය 12ක කාලයක් සුපිරි හෝටලයක තමන් සමඟ ගත කිරීමට අවස්ථාව සැලසෙන බව ඇය පවසයි.

මේ සිදුවීම අප වාර්තා කරන්නේ ඔබටත් තවත් වෙන්දේසියක් දැමීමට කියා ආරාධනයෙන් නම් නොවෙයි. මෙම සිදුවීම තුළින් අන්තර්ජාලය කියන දේ හොඳට වගේම නරකටත් කෙසේ බලපානවාද යන්න ඔබට  යම් අදහසක් දීමටයි.

 

 

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!