බොලිවුඩ්

කත්‍රිනා සපත්තුවටත් බසියි

තවමත් 28 වන වියේ පසුවන බොලිවුඩ් සුරූපිණියක වන කත්‍රිනා කයිෆ් මෙවර සපත්තුවකට අත ගසා ඇතැයි බොලිවුඩයෙන් වාර්තා වනවා.

ඒ “Relaxo” සමාගමේ “Flite flip flops” නම් සපත්තු වර්ගයේ නිළ සන්නාම තානාපතිනිය වශයෙන් පත්වීමත් සමඟය.

වඩා දඟකාර චරිතයක් ලෙස බොලිවුඩයේ ප්‍රසිද්ධිය දිනා සිටින කත්‍රිනා ‍සිය නිෂ්පාදනයේ සන්නාම තානාපතිනිය ලෙස තෝරා ගැනීමට හේතුව වී ඇත්තේ ඇගේ රූ සපුව අභිබවා ගිය කෙළිලොල් ස්වභාවය බව අදාළ සමාගම පවසයි.

“කත්‍රිනාගේ දඟකාර ගති වගේම සම්ප්‍රදායට නොගැලපෙන විලාසිතා ගොඩාක් ගෑණූ ළමයි අනුකරණය කරනවා. ඒ නිසා අපේ මේ වැඩේට සුදුසුම කෙනා තමයි කත්‍රිනා” යන්න “Relaxo” සමාගමේ විධායක අධ්‍යක්ෂක ගෞරව් දුවා මහතාගේ අදහසයි.

මේ ගැන කත්‍රිනා දක්වා ඇත්තේ මෙවැනි අදහසක්. “සැහැල්ලුවෙන් ජීවත්වෙන්න මම හරිම ආසයි. ඒක මගේ ජීවිතයේම කොටසක්. හැම දවසක්ම තීරණය වෙන්නේ අපේ ඕනෑ එපාකම්වලට අනුවයි. ඒ අතින් ගත්තම “Flite flip flops” ඊට වඩා යෝග්‍යයි කියලා තමයි මමනම් හිතන්නේ”

 

මේ වෙනුවෙන් කත්‍රිනා තත්පර 30 ක රූපවාහිනී වෙළඳ දැන්වීමකට ද පෙනී සිටිනවා.

‍කත්‍රිනා Veet, Choco On, Yardley සහ Lux යන වෙළඳ නිෂ්පාදනවල සන්නම් තානාපතිනිය වශයෙන් ද කටයුතු කරයි.

5 Comments

5 Comments

  1. Hseyin

    November 14, 2012 at 5:26 pm

    Wow I must cnoefss you make some very trenchant points.

    • Giusty

      December 20, 2012 at 3:25 am

      Do you have more great aritcels like this one?

      • Chhizam

        March 27, 2013 at 9:41 pm

        That isnihgt’s perfect for what I need. Thanks!

      • Irina

        March 29, 2013 at 3:27 pm

        You’ve got to be kididng me-it’s so transparently clear now!

  2. Tyson F. Gautreaux

    September 18, 2013 at 5:27 am

    I simply want to mention I am very new to blogging and seriously savored this web blog. Most likely I’m want to bookmark your blog . You actually have remarkable well written articles. Appreciate it for sharing your web site.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!