Gossip

කතරගම – කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය ධම්මින්ද නාහිමියන්ට වෙඩි තැබූ හේතුව මෙන්න

පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන්ට ඊයේ රාත්‍රියේ වෙඩි ප්‍රහාරයක් එල්ල වුණා.
මෙයට හේතුව කතරගම – මහසෙන් දේවාලයේ අයිතිය සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් බවයි දැනට සිදුකරගෙන යන පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙන්නේ.
කතරගම – කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය ධම්මින්ද නාහිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් මේ වනවිට හදුනාගෙන තිබෙන බවත් සඳහන්.
මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී තිබුණේ ආගමික වතාවත්වලින් පසු නාහිමියන් උඩ මළුවේ සිට වැඩම කරමින් සිටියදීයි.
නාහිමියන් සහ අනෙක් හිමි නම දෙබරවැව මූලික රෝහලට ඇතුලත් කළ අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත මාරු කර යැවුණා.
පසුව නාහිමියන් ගුවනින් ජාතික රෝහලට රැගෙන ඒමට තීරණය කළා.
මෙම වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මේ වනවිටත් පොලිස් කණ්ඩායම් අටක් විමර්ශන කටයුතු සිදුකරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!