Gossip

කණ්ඩායමේ ස්ථානය රැකගන්න ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් ඇමතිට අල්ලස් – ක්‍රීඩා අමාත්‍යවරයා කරපු හෙළිදරව්ව මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමට ක්‍රීඩකයන් ඇතුළත් කර ගැනීම සඳහා තමාට අල්ලස්‌ දීමට තැත් කළ බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා බීබීසී සංදේශය සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් කියා සිටියා.

අදාළ කරුණු සම්බන්ධයෙන් 16 වැනිදා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන එ්කකයේ ප්‍රධානියාට දැනුවූ බවත් ඔහු එය අසා ඔළුවේ අත තියා ගත්තා යනුවෙනුත් අමාත්‍යවරයා සඳහන් කළා.

පළමුව අල්ලස්‌ දීමට තැත් කළ අවස්‌ථාවේදී තමාව පරීක්‌ෂා කිරීමට කිසිවකු විසින් දෙන ලණුවක්‌ද යන්න ක්‍රීඩා ඇමැතිවරයා විමසිලිමත් වූ බවත් ඔහු සඳහන් කළා. “මමත් ඔළුවේ අත තියාගත්තා මේක මට ආපු වෙලාවේ. මම හිතුවා මේක මට ආපු ලණුවක්‌ද කියලා මාව අල්ලගන්න. මම හිතන්නේ නැහැ මේවා ලංකා ඉතිහාසයේ කවදාවත් වුණ දේවල් කියලා” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!