Gossip

කකුලට මාංචු දාලා රෝහලක ඇඳක් උඩ ඉන්න බන්ධනාගාර සිරකරුවෙක්ගේ සංවේදී කතාව

“සිරකරුවෝද මනුෂ්‍යයෝය” මේ කියමන අපි අහලා දැකලා තියෙනවානේ.

මේ කිව්ව කියමන ඔබ වැලිකඩ බන්ධනාගාරය අසලින් ගිහින් තිබෙන කෙනෙක්නම් දැකඇති.

අපි මේ කියන්න යන්නේ මුහුණු පොතේ තිබූ සටහනක් ගැන. මේ සටහන යොදා තිබුණේ සෙහාන් කාවින්ද කියන තරුණයෙක්.

මේ ඒ කතාවයි. කතාව කියවලාම ඔබ තීරණය කරන්නකෝ.

සහෝදරයෙක් මගෙ හදිසි අනතුරක් නිසා ජාතික රෝහලේ 22 වාට්ටුවෙ .
හවස බලන්න ගිය වෙලේ මේ මනුස්සය මට හමුවුනෙ . .
මිනිහෙක් ලෙඩ ඇඳක් උඩ කකුලා මාංචු දාලා ඉන්න එක කොයිතරම්නම් අමන ක්‍රියාවක්ද සහ එය කොතරම්ද සාඳාරණීයද යන්න ගැන මම තර්ක නොකරමි. මොකද ඒ මිනිහා රෝහලෙන් පැනලා ගියොත් අපිට ඒකට වගකීමක් ගන්න බැරි නිසා…
ඔහු ඔහේ තනියම.. කවුරුත් නැතුව . එහා පැත්තේ තුවක්කුවත් බැඳගත්තු ෆොන් එක ඔබ ඔබ හින වෙවී ඉන්න බන්ධනාගාර නිලදාරියෙක් සමඟ ..
ඒ සිදුවීම දිහා බලං ඉන්න එක. මනුස්සයෙක් ලෙඩක් එක්ක බැඳලා ඉන්න එක පිස්සුවක්. මම බැරිම තැන මනුස්සයා ලඟට යනව ..ඔහු අවුරුදු හැටක් පමණ සුදු , වැදගත් අහිංසක හිනාවක්, පෙනුමක් තියෙන කෙනෙක්…
අංකල්. මොකක්ද ලෙඩේ…
පිත්තාශයේ ගෙඩියක් මගෙ පුතෙ . .
හ්ම්ම්. ගොඩක් අමාරුයිද?
ටිකක්. ගානක් නැහැ.. හෙට උදෙ ඔපරෙශන් එකනෙ.
මට කතාවට මුලක් ගන්නම ඕනෙ නිසා මම ඇහුවා.. අංකල් ඇයි ඇතුලේ මොකද උනේ..
මිනිමැරුමක්..
මම තිගැස්සුනා…
හුගක් කල්ද අංකල්..
අවුරුදු දැන් දාහතරක්..
මොනව වෙලාද අංකල් උනේ.. වැරදිලාද?
පොඩි කතාවක් එහෙ මෙහෙ වෙලා…
ඔහු ඒ ගැන කතා කරන්න කැමැත්තක්ද නැත්නම් ඒක මම වගේ සියදහස් ගානකට කියලා එපාම වෙලා ඇති…
මම ආයෙ ඇහුවා. මොකද අංකල් උනේ.? .
දවස්ක් ඔය හවසක වැඩ ඇරිලා ඇවිල්ලා ප්ලෙන්ටියක් ගහන ගමං නැයෙක් එක්ක කතාබහක් දුරදිගගිහින් අන්තිමට පොරොවකින් ගහපු වෙලේ තමයි …. ……………………………………………………………….
ඔහු ඒ වචන පේලිය කියාගෙන යන්නේ
හරීම සරලව සහ මහා අසරණකමකින්…
හදිසිකෝපය පුතෙ… මමත් මෙ කොළබ බෙන්ස් තියෙන්නේ එතන ඉස්සරහ වැඩපොලේ ඩ්‍රයිවර් ජොබ් එක කලේ.. හොදට හිටියා..
දරුවො ඉන්නවද අංකල් ?
ඔවූ…. හතරක්.. ලමයින්ගෙ ලමයිනුත් ඉන්නවනෙ දැං…
ආවද ඒ අය බලන්න..
නැපුතෙ… අවුරුදු එකොලහක් මම ඇස් දෙකට දැකලා නැහැ… මෙ දෙවෙනි ඔපරෙශන් එක. මම ගෙදරට කියන්න යන්නෙත් නැහැ.. එයාලගෙත් ප්‍රශ්ණ. එයාල හිතන් හිටියෙ මම දැනන් උන්නෙ නෑ කියලා… ඒත් මම ඒව් දැනන් ඇහුවම එගොල්ලන්ට මට මුහුණ දෙන්න බැරිඋනා.. ඔහු එක දිගට කියාගෙන යනව……
මම තාමත් දන්නෙනැහැ ඒ පවුලෙ ප්‍රශ්ණය.. ඒක ඔහු කාටත් නොකියන ඔහුම දන්න රහසක් වෙන්න ඇති…
අවුරුදු දාහතරක් හිරගෙයක් ඇතුලෙත්… එකොලහක් දරුවෙක් ගෑනිවත් නොදැක ඉන්න මිනිහෙක්ගෙ හිතක් මට තෙරුම්ගන්න බැරිකමට දිග හුස්මක් අරන් අත් අරිනව ඇරෙන්න වෙන කරන්න දෙයක්
මට කරන්නට නැති තරම්………..
මම ඒ මනුස්සයගෙන් ඇහුවෙ… මනුස්සයන්ට වෙන ප්‍රශ්ණ නේද කියල…
මම මොනවද පුතෙ. මට වඩා අවුරුදු විස්ස තිහ ඉන්න මිනිස්සු ඉන්නව නිකං.. නඩුකාරයට නිකං අභිමතයට හිතිලා ඇතුලට දාපු මිනිස්සු…
ජනාදිපති සමාව වගෙ ගන්න ක්‍රමයක් නැද්ද ඇසු විටඔහු කිවුවෙ.. බන්දනාගාරය හැකිතාක් ඒ වෙනුවෙන් කටයුතු කරන බවක්‍ ය. එය කොතරම් නිවැරදිද යන්න දන්නෙ නැත ….
මට ඔහු වෙනුවෙන් කරන්න දෙයක් අවශ්‍යම නිසා මම ඔහුගෙන් බන්දනාගාර අංකය නම කූඩුව අසා සටහන් කරගත්ත… මොකද ඒ මනුස්සය ආයෙ සැරයක් හරි බලන්න යන්න අපෙක්ශාවෙන්.
අංකල්ට මොනවද ඕනෙ ඇහුවම
එහෙම මුකුත් ගේන්න දෙන්නෙ නැහැ.. කෑම බිම ගේන්න දෙන්නෙ නැහැ.. ඔය නිදහස් දවසට , වෙසක් ,අවුරුදු දවසට වගේ කන්න ඕනෙ එකෙක්ගේන්න දෙනවා.. අපිට දෙන්නෙ නෑ වෙන දවස් වල….
ඔනෙ වෙලාවට කඩෙකට ගිහිං බිස්කට් එකක්, කේක් කෑල්ලක් ,කොත්තුවක් ,රයිස් එකක්, ආප්පයක් කන්නද ඒ මිනිස්සු.
බන්ඳනාගාරය සහ අපි අතර පරතරය හිතාගන්න බැරි දෙයක්.. වචනයකින් විස්තර කරන්න බැරි.. විනාඩි පහක් කාමරෙකට වෙලා ඉන්න අපි …
එන්න කලිං මම කන්න ඔනෙ මොනවද ඇහුමව ඔහු කිඋවෙ.. අනේ පුලුවංනං ජෝඩු බනිස් එකක් ගෙනල්ල දෙන්න කියලා.. ඒක පපුව හෝස් ගාලා යන වචන පේලියක්. ..
මම ආයෙ අහලා කැමතිම කෑමක් කියන්නකො.. කාලෙකින් නොකෑව…
අන්තිමේ කොත්‍තුවක් ඕනෙ කියලා ඒක එක්ක පොඩි පොඩි තියන් ඉදලා කන්න පුලුවං කෑම ටිකක් අරන් දීලා ආවා…
මෙ ජිවිතය කොයිතරම්නම් එකිනෙකාට වෙනස් විදියට ගලනවද.. අපි මොනවද මේ කරන්නෙ.. මිනිස්සු මිනිමරාගන්නෙ ,ගහගන්නෙ,මංකොල්ලකන්නෙ අන්තිමට හිරේකට යන්නේ… මොහොතක් නතර වෙලා සියදහස් පාරක් හිතන්න ඕනෙ ප්‍රශ්ණයයක්…
ගැහුවොත් ගුටිකාල ගෙදර පලයල්ල… ජිවිතේකට හිරේකට එන්න හිතන්න එපා..
අන්තිමේ කියන්න තියෙන්නෙ සිරකරුවෝද අපි වගේම මනුශ්‍යයෝය කියන එක ….
මේ අත්දැකීම වචන පේලියකට ගන්න හරි අමාරුයි… පුලුවන්නම් දවසක හැම එකෙක්ම අවුරුදු ගානක් කූඩුවක් ඇතුලෙ ඉන්න මනුස්සයෙක් එක්ක එකවිනාඩි පහක් කතා කරල ඉදහල්ල.. ඒක ජිවිත කාලයටම තියෙන ලොකුම පාඩම වේවී..
** මම හොදයි. පිං අරකයි මේකයි කියන්න එපා.. කියවලා තෙරුම් ගනිල්ලා ඇත්තක් කිවුවෙ පරම්පරාවක් ඉවසන්න අමාරු…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!