Gossip

“ඔළුව රිදෙනවා කියලා කෑගහලා.ගෙදර යන්නම ඕනේ කියලා” – කටාන කටුවාපිටිය දේවස්ථානයට ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි සැකකරුගේ මඟ හරස් කළ පුංචි දරුවාගේ කතාව මෙන්න

කටාන කටුවාපිටිය දේවස්ථානයට ප්‍රහාරය එල්ල කළ බවට සැක කෙරෙන පුද්ගලයා දේවස්ථානයට ඇතුළු වන අයුරු සහ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කරන අයුරු දැක්වෙන වීඩියෝව ඔබත් දකින්න ඇති.
දේවස්ථානය වෙත ඇතුළු වන පුද්ගලයා පළමුව දේවස්ථානය ඉදිරිපිට රැදී සිටි කුඩා දරුවෙකු අතින් අල්ලා දේවස්ථානය වෙත ඇතුළුවන අයුරු දේවස්ථානයේ සවිකර තිබූ CCTV කැමරාවක ඇතුල්වන අයුරු දක්නට ලැබුණා.
බොහෝ දෙනෙකු කතා කළ මෙම සිදුවීම ගැන හොයලා බලන්න වෙබ් ගොසිප් අපි කටාන කටුවාපිටියට ගියා.
මෙම දරුවා සහ එම ස්ථානයේ සිටි දරුවාගේ පියා සහ මව ගැන අපට තොරතුරු ලැබුණත් ඔවුන් මාධ්‍යට අදහස් දැක්වීමට කැමති වූයේ නැහැ.
කෙසේ වෙතත් එහි සිදුව තිබුණේ අපූරු කතාවක් මේ විදිහට ඔවුන්ගේ හිතවතෙක් අපිට හෙළි කළා.
“මේ දරුවයි, එයාගේ අම්මයි තාත්තයි සිකුරාදා දේව මෙහෙයට ඇවිත්.
දේව මෙහෙය පටන් අරගෙන ටික වෙලාවකින් මේ දුව ඔළුව රිදෙනවා කියලා කෑ ගහන්න පටන් අරන්..
මේ දරුවා කෑ ගහලා තියෙන්නේ එයාට ගෙදර යන්නම ඕනේ කියලා.. දරුවාගේ මේ දැඩි ඉල්ලීම සහ කෑගැසීම නිසා මේ තුන්දෙනා ආපහු ගෙදර යන්න තමයි එළියට ඇවිත් තියෙන්නේ.
ඒ වෙලාවේ තමයි අර බෝම්බය අරන් ආවා කියන සැකකරු මුණගැහිලා තියෙන්නේ.
ඒ දරුවගේ ඔළුව අතගාලා නෙවෙයි.. තමන්ගේ පැත්තට එන දරුවා ඇගේ වදීවි කියලයි අතකින් ඔහුව හරස් කරලා තියෙන්නේ.
දරුවා ගෙදර යන්න ඕන කියපු නිසා මේ අය බේරුණා.”

වීඩියෝව පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!