Gossip

ඔහු මොන වෘත්තියක වුණත් මගේ වෘත්තියට ගරු කරල මට ඉදිරියට යන්න උදව් කරන කෙනෙක් තමයි මම හොයන්නෙ. – අශේකා විජේවර්ධන

ආදරයට ඔබේ ජීවිතේ අනිත් දේවල් එක්ක ගත්තම කොතරම් ඉඩක් හිමිවෙනවද?
ආදරය කියන්නෙ ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක්. ආදරය ජීවිතය හා සමානයි. ඒ කියන්නෙ අපිට ලැබෙන ඕනෑම ආදරයක්. දෙමවුපියන්ගෙන් නෑසියන්ගෙන් හිතමිතුරන්ගෙන් තමන්ගෙ ප්‍රේමවන්තයගෙන්. ඔය කොයි ආදරයත් ජීවිතයට ඕනෑමයි. අපි අපේ ජීවිත කාලය තුළ ආදරය බලාපොරොත්තු වෙනව. ආදරය හොයනව. ආදරය විඳිනව. ආදරය නොලැබී ගියහම වේදනා විඳිනව. ඉතින් මේ හැම පැත්තකින්ම සළකා බැලූවම මම නම් කියන්නෙ ආදරය කියන්නෙ ජීවිතය.

අශේකා ආදරය ළඟ අතිශය සංවේදී කෙනෙක්ද?
මම ආදරය ළඟ සංවේදියි. එහෙමයි කියල පුංචි දේටත් කලබල වෙන්නෙ නැහැ. මට හොඳ ඉවසීමක් තියෙනව. ඒ ගුණාංගය මගේ ආච්චිටත් තිබුණා. මගේ අම්මා ළඟත් තිබුණා. මට මගේ පවුලෙන්ම ලැබුණ දෙයක් තමයි. ඉවසීම කියන එක මේ කලා ක්ෂේත්‍රය තුළ වැඩ කරන්නත් අනිවාර්යයෙන්ම ඉවසීම ඕනනෙ. මම ආදරය හැම වෙලාවෙම හොයන කෙනෙක්. නමුත් මම ඒ නිසා කොයිම වෙලාවකවත් කලබල වෙන්නෙ නැහැ. ආදරයෙදි මට අසාධාරණයක් වුණත් එතනදි මම ඒක ඉවසීමෙන් දරාගන්න කෙනෙක්.

ඔබගේ දෙමවුපියන්ගේ කාර්ය බහුල ජීවන රටාව තුළ ඔබට ඇතිතරම් ආදරය දෙන්න ඔවුනට කාලය හොයාගන්න හැකි වුණාද?
මට අවශ්‍ය ආදරය අම්මයි තාත්තයි මට ලබාදෙනව. ඒ දෙන්න කොච්චර කාර්ය බහුල වුණත් මට ඕන තරම් ආදරය දෙන්න එයාලට වෙලාව තිබුණා. ගොඩක් අය හිතනව ආදරය කියන්නෙ සමාජයට පෙන්න පෙන්න කරන්න ඕන දෙයක් කියල. මම ආදරය ගැන එහෙම හිතන්නෙ නැහැ. ආදරය කියන්නෙ හැම වෙලාවෙම ළඟින් තියාගෙන තුරුළු කරගෙන ඉන්න එක නෙවෙයි. අපිට අවශ්‍ය රැකවරණය දෙන එක අපිට අවශ්‍ය දේවල් සපයා දෙන එක ඒ හැමදෙයක්ම ආදරය තමයි.අම්මයි තාත්තයි මමයි එකට කාලය ගතකළ කාලය අඩුයි වෙන්න පුළුවන්. මොකද මං පොඩිකාලෙ තමයි මගේ අම්මයි තාත්තයි එයාලගෙ වෘත්තියෙ ඉහළින්ම හිටපු කාලෙ. ඒ නිසා එයාලට ගොඩක් වැඩ තිබුණා. විදේශ සංචාර යෙදුණා. එහෙම වුණා කියල එයාලට මාව මගඇරුණෙ නැහැ.

අශේකා කාගේ හෝ පෙම්වතියක් වෙන්නෙ?
අවුරුදු දාසයෙදි තමයි මට ඒ අත්දැකීම ලැබෙන්නෙ. ඒ මගේ පාසල් සමය. ඒක හරිම සුන්දර අතීතයක්. අපි හැමෝටම ආදරය දැනෙන කාලයක්නෙ ඒ වයස. අපි පෙම්වතුන් හොයනව. අනිත් යාළුවන්ට ඉන්නව නම් මටත් ඉන්න ඕනෑ කියල හිතන මානසිකත්වයත් එක්ක ඔය වයසෙදි අපි ආදරය හොයනව. ඔව්. මට ඒ කාලෙ ආදරයක් ලැබුණා දැන් ඒ ආදර සම්බන්ධය සුන්දර මතකයක් විතරයි. මට ඒ ගැන කිසිම පසුතැවීමක් නැහැ.

දැන් ඔබ කාගේ හෝ පෙම්වතියක්ද?
පෙම්වතියක් නෙවෙයි. මේක මේ බොරුවට කියන දෙයක් නෙවෙයි. මට පෙම්වතෙක් නැහැ. හැබැයි අම්මල නම් කියනව දැන් විවාහ වෙන්න කාලය හරි කියල. මට දැන් අවුරුදු විසිහතයි. අපේ පවුලෙ එකම දරුව මම නිසා අම්මල ඒ ගැන වැඩියෙන් හිතනව. පෙම්වතියක් නොවුණට මම දැන් ආදරයක් බලාපොරොත්තුවෙන් ඉන්නව. තවම හරියන කෙනා මට හම්බ වෙලා නැහැ. මට ඒ ගැන මෙහෙමත් කියන්න පුළුවන්. සමහර වෙලාවට අපිට එක එක අය ගැන ආදරයක් දැනෙනව. නමුත් අපිට තවම ඒ ආදරය ප්‍රකාශ කරගන්න බැරිවෙලා ඇති.

ඔබ පතන්නෙ මොනවගේ පෙම්වතෙක්ද?
ලොකුවට බලාපොරොත්තුවක් නැහැ. මම කැමතියි මගේ වෘත්තිය තේරුම් අරන් එයට ගරුකරන කෙනෙක් මට හම්බ වෙනවට. එහෙම නැතිව හරි අමාරුයි මේ ක්ෂේත්‍රවල ඉන්න. මේ ක්ෂේත්‍රයේම කෙනෙක් මට ලැබෙන්න කියනව නෙවෙයි. ඔහු මොන වෘත්තියක වුණත් මගේ වෘත්තියට ගරු කරල මට ඉදිරියට යන්න උදව් කරන කෙනෙක් තමයි මම හොයන්නෙ.

අශේකාට සාම්ප්‍රදායික මව, බිරිය, ගෘහනිය දුරයිද?
මම ඒ කාරණයෙදි පොඞ්ඩක් අම්මලට වඩා වෙනස්. මොකද මම පවුල කියන තැනට අංක එක දෙනව. මං කියන්නෙ නැහැ අම්මල එහෙම නැහැ කියල. අම්මල වෘත්තියක් එක්ක බැඳිල හිටියා. විශේෂයෙන්ම මගේ තාත්තා අලූත් දෙයක් ලෝකයට ගෙනගිය කෙනෙක් නිසා එයාලට මේ වෘත්තියේ තිබුණ වගකීම වැඩියි. නමුත් දැන් මට තියෙන්නෙ තාත්තා හදාදුන් දේ ඉදිරියට ගෙන යන එක. ඒකත් එක්ක බලනකොට මම පවුල කියන එකට තමයි මුල්තැන දෙන්නෙ. මම කැමතියි හොඳ අම්ම කෙනෙක් හොඳ බිරිඳක් හොඳ ගෘහනියක් වෙන්න. මේවට මුල්තැන දීලා මම කලාව නතර කරනව නෙවෙයි කලාවේ රැඳී ඉන්න ගමන් මගේ පවුලට මුලතැන දෙන්න මම කැමතියි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!