Gossip

“ඔහු කිව්වා අපේ ක්‍රීඩකයෙක් යම් දෙයක් පන්දුවේ ආලේප කළා කියලා” ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුව පළුදු කළාද..? අසංක ගුරුසිංහ හඬ අවදි කරයි

පන්දුව පළුදු කිරීමේ චෝදනාවක් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්ට එල්ලවී තිබෙනවා.
කොදෙව්වන් සමග දෙවන ටෙස්ට් තරගයේදී, තරගය ආරම්භ වීමට විනාඩි 10 කට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෙක් පන්දුව පලුදු කළ බවට විනිසුරුවන් දැනුම් දුන්නා.
ඒ ගැන කිසිදු සාක්ෂියක් ලබා නොදී පන්දුව මාරු කර දඩුවම් ලකුණු ලබාදීම නිසා තරගය පැය කිහිපයක්‌ වර්ජනය කිරීමට සිදුවූ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු අසංක ගුරුසිංහ පවසනවා.

‘තරගය පටන් ගන්න විනාඩි දහයකට කලින් අපේ ක්‍රීඩකයකු පන්දුව පළුදු කළ බවට විනිසුරුවන් සහ තරඟ තීරකවරයා දැනුම් දුන්නා.
මා පුදුමයට පත්වුණා. පසුව විනිසුරුවන් සහ තරඟ තීරකවරයා සමග මා සාකච්ඡා කළා.
අදාළ චෝදනාව ප්‍රතික්ෂේප කළත් ඔවුන් කියා සිටියා වීඩියෝවල තියෙනවා කියලා.
පසුව මා ඒ සාක්‍ෂි ඉල්ලුවා. නමුත් ඔවුන් ඒවා දෙන්නේ නැතිව දඬුවම් ලකුණු ලබා දෙන බවත් පන්දුව මාරු කරන බවත් පැවසුවා.
ඒ නිසා අපි සියලු දෙනා ඒකමතිකව තරග කිරීමෙන් වැළකී ඉන්න තීරණය කළා.
මම තරග තීරකවරයා සමග සාකච්ඡා කළා. ඔහු කිව්වා අපේ ක්‍රීඩකයකු යම් දෙයක්‌ පන්දුවේ ආලේප කළ බවට. ඒ ක්‍රීඩකයාගේ නමත් කිව්වා.
මම කීවා පෙන්වන්න කියලා. නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් නීතියට අනුව පැය දහ අටක කාලයක්‌ යනතුරු ඒ සාක්‍ෂි අපිට ලබාදීමට අයිතිය තිබෙන බව ඔහු පැවසුවා.
පස්‌සේ ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්‌තාපා මහතාට කතා කළා. ඔහු කීවා ප්‍රශ්නයක්‌ වෙන්න නොදී කණ්‌ඩායමට ක්‍රීඩා කරන්න කියලා. මේක රටේ ක්‍රීඩාවක්‌ කියලා. එනිසා තමයි අපි ක්‍රීඩා කරන්න තීරණය කළේ.
අපිට දඬුවම් ලකුණු දෙනවා කිව්වා. අපි කිව්වා දඬුවම් ලකුණු දෙන්න අපි වරදක්‌ කරලා නැහැ කියලා.
නමුත් විනිසුරුවන් ඒ දඬුවම් ලකුණු ලබාදුන්නා. ඒ නිසා නැවතත් කණ්‌ඩායම තරගය වර්ජනය කළා.
පස්‌සේ තරග තීරක ජවගල් ශ්‍රීනාත් කිව්වා ඒක අයින් කරන්න තමා උත්සාහ කරනවා කියලා.
මට දැන් සියලුම පුනරූපණ තරග තීරකවරයා එවලා තියෙනවා. ඒවා බලලා මොකක්‌ද වුණේ කියලා බලනවා.
මම හිතන්නේ අපේ ක්‍රීඩකයන් වරදක්‌ කරලා නැහැ. නමුත් නීතිය අනුව මොකක්‌ හරි වෙලා අත්වැරදීමක්‌ වෙලා තියෙනවා නම් වීඩියෝවලින් බලාගන්න පුළුවන්.
කොහොමත් තරගය ඉවර වෙන්න කලින් පරීක්‍ෂණයක්‌ තියලා ප්‍රතිඵලය ලබා ගන්න පුළුවන්.
අපේ ක්‍රීඩකයන්ව බේරගන්න අපි බැඳිලා ඉන්නවා. ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සහ ක්‍රීඩා ඇමැතිතුමා අපිට ශකතියක්‌ වුණා යැයි ගුරුසිංහ වැඩිදුරත් පවසා තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!