Gossip

ඔවුන්ගේ සහය අපිට ලැබුණානම් හොඳයි – බංගලාදේශ නායකයා ලංකාවේ ක්‍රීඩා ලෝලීන් ගැන ප්‍රසිද්ධියේ කට අරියි

අපි වෙනත් රටකදි ප්‍රේක්ෂකයන්ගේ සහයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ. අපි ඒ ගැන අවධානය යොමු කරන්නේ නෑ යනුවෙන් බංගලාදේශ නායක ෂකීබ් අල් හසන් පවසනවා.

ඔහු මේ බව පැවසුවේ නිමාවූ නිදහස් කුසලාන අවසන් තරඟය පිළිබඳ අදහස් දක්වමිනුයි.

අවසාන තරගය නැරඹීමට 20000 අධික ප්‍රෙක්ෂක පිරිසක් ප්‍රේමදාස පිටියට රැස්ව තිබූ අතර ඔවුන්ගේ සහය ඉන්දියානු කණ්ඩායමට හිමිවුණා.

ඒ, ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර පැවති තරඟයේදී බංගලාදේශ පිලේ නොමනා හැසිරීම බවයි බොහෝ දෙනා කියා සිටියේ.

‘ඔවුන් අපට සහයෝගය දැක්වුවා නම් හොඳයි. ඒත් මේ වගේ දේවල් වෙන්න පුලුවන්.කවුරු කාටද සහයෝගය දක්වනවාද කියන එක ගැන අපි කණගාටු වෙන්නේ නෑ.පිටිය මැදදි හොඳින් ක්‍රීඩා කිරීමයි අපේ අරමුණ‘ යැයි ෂකීබ් වැඩිදුරටත් සඳහන් කළා.

කෙසේ වෙතත් එම තරඟයේදී ශ්‍රීලංකා ක්‍රීඩා ලෝලීන්ගෙන් ලද සහය පිළිබඳ රෝහිත් ෂර්මා විශේෂයෙන් සඳහන් කළා.

ඔවුන් විශිෂ්ඨයි.අපිට දැනුනේ ඉන්දියාවේ ක්‍රීඩා කරනවා වාගෙයි.ඔවුන් විශාල වශයෙන් පැමිණ අපට සහයෝගය දක්වුවා.එය ඉතා වැදගත් වුණා.පන්දුවාර 40ම අපට ඔවුන්ගේ සහය නොමදව ලැබුණා.අපි පන්දු යවද්දිත් පහරදෙද්දිත් නෙකඩාවා එය ලැබුණා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!