Gossip

“ඔයා ගාව ගඳයි.. මගේ ගාවට එන්න එපා.” – සමාජ මාධ්‍යවල ජෝකර් ලේඩි වුණු රානු මොන්ඩාල් ගැන දියණිය කියූ කතාව මෙන්න – වීඩියෝ

1960 නොවැම්බර් 05 වැනිදා බටහිර බෙන්ගාලයේ ක‍්‍රිෂ්නා නගර්වලින් පටන් ගත්ත කතාවක් කියන්නයි මේ හදන්නේ. මෙන්න මේ කිව්ව දවසේ දිළිඳු පවුලක කාන්තාවකට දියණියක් හමුවුණා. මේ චූටි කෙලි පැටියට රානූ මාරියා මොන්ඩාල් කියන නම තමයි අම්මා තාත්තා තිව්වේ. මොකද මේ පවුල කතෝලික පවුලක්.

මාස හයයි ගත වුණේ මේ චූටි සිඟිත්තියගේ අම්මායි තාත්තයි දෙන්නම් ජීවික්ෂයට පත්වෙනවා. ඊටපස්සේ මේ රානු හැදුණේ ඇයගේ නැන්දනිය ගාව. ඒ කොහෙද දන්නවද? බටහිර බෙන්ගාලයේම රනඝට්වලයි ඇය ඇතිදැඩි වුණේ. බහ තෝරන කාලේ ඉඳන්ම ඒ චූටි කෙල්ල සංගීතයට මහා ඇළුම්කමක් දැක්වුවා. මොහම්මද් රාෆී, මුකේෂ්, ලතා මංගේශ්කර් වගේ ඒ කාලේ තරු බවට පත්වුණු ගායක ගායිකාවන්ගේ ගීත තමයි ඇය හැමවෙලාවෙම මුමුනා මුමුනා හිටියේ. අවුරුදු 19ක් වුණා විතරයි ඇය විවාහ වෙනවා. විවාහ වෙලා ඇය තමන්ගේ සැමියත් එක්ක මුම්බායි නගරයට ජීවත් වෙන්න එනවා. ඇයගේ පියාගේ නම කියන්න අමතක් වුණානේ. එයාගේ නම ආදිත්‍ය කුමාර්. ඇය විවාහ වුණේ ඇයගේ නිවස අසලම ජීවත් වුණු බබ්ලූ මොන්ඩාල් එක්කයි. එයා කෝකියෙක්. මේ කතාවේ නායිකා රානුට දරුවන් දෙන්නෙක් ලැබෙනවා. එලිසබෙත් සාතී රෝයි සහ බබ්ලූ මොන්ඩාල් කියන නම ඒ දෙන්නට ඇය තියනවා. 2009 වසරේදී ඇයගේ සැමියා බබ්ලූ ජීවිතක්ෂයට පත්වෙන්නේ ඇය මත නිවසේ බර පටවමිනුයි. ටික කාලයක් තනියම ජීවිත සටනට මුහුන දුන්න රානු ආපහු වතාවක් විවාහ වෙනවා. ඒ විවාහයෙනුත් ඇයට පුතෙක් සහ දියණියක් ලැබෙනවා.

ජීවිතයට ආර්ථික ප‍්‍රශ්න වද දෙද්දී ඇය මුම්බායිවල ක්ලබ් එකක ගීත ගායනා කරන්න යනවා. ඒක ටික කාලයයි කරන්න වුණේ. සැමියා හින්දා ඒ රැකියාවට අයුබෝවන් කියන්න ඇයට සිදුවෙනවා. ඊට පස්සේ ඇය තමන් ඉපදුණු පළාතට අපහු යනවා. දැන් කරන්න කිසිම දෙයක් නැහැ. ආර්ථික ප‍්‍රශ්න අහස උසට. මොකක්ද කරන්නේ කියලා ඇය කල්පනා කළා. කල්පනා කරලා නිකම් හිටියේ නැහැ උදේ පාන්දරින් නැගිටලා ගෙදර වැඩ ඉක්මනින් අහවර කරලා ඇය යනවා රනඝට් දුම්රිය නැවතුම්පොළට. හැමදාම උදෙන්ම දුම්රිය නැවතුමට යන රානූ තමන් කුඩා කාලයේ පටන් ප‍්‍රිය කරන ගායක ගායිකාවන්ගේ ගීත ගායනා කරලා මුදල් උපයන්න පටන් ගන්නවා.

ඔහොම කාලය ගතවෙලා යනවා. ඔන්න දවසක් ඇය දුම්රියකට නැගලා එක් ප්යාර් කා නග්මා හේ කියන හින්දී ගීතය ගායනා කරනවා. කවුදෝ කෙනෙක් මේ ඇය ගීතය ගායනා කරද්දී එය වීඩියෝ කරලා සමාජ මාධ්‍යයට මුදාහරිනවා. මෙන්න ලයික් වැටෙනවා ඇහි පිය ගහන වේගයෙන්. ඒ විතරක් නෙවෙයි ෂෙයාර් වෙනවා හෝ ගාලා.

ඒ වීඩියෝ එක දකින ඉන්දියාවේ රියැලිටි තරගයක් කරන මාධ්‍ය ආයතනයක් ඇයව හොයාගෙන රූපවාහිනී නාළිකාවේ පවැත්වෙන රියැලිටි තරගයක් වන සුපර්ස්ටාර් සින්ගර් කියන වැඩසටහනටත් සහභාගි කරගන්නවා. ඇයට ඊටපස්සේ තමයි තේරී මේරී කහානී කියන ගීතය හැපී හාර්දී ඇන්ඩ් හීර් කියන බොලිවුඩ් සිනමාපටය වෙනුවෙන් ගයන්න හින්දී සිනමවේ ජනප‍්‍රිය නළුවෙක් සහ සංගීතවේ‍දියෙක් වන හිමේෂ් රෙශාම්මියා විසින් තෝරාගෙන අවස්ථාවක් දෙන්නේ.
2019 වසරේදී අවුරැදු 26ක් වයසැති ඉංජිනේරැවෙක් වන අතින්ඩ‍්‍රා චක‍්‍රබෝර්ති තමයි ලතා මන්ගේෂ්කාර්ගේ ගීතයක් ගයන රානු මොන්ඩාල්ව වීඩියෝ කරලා සමාජ මාධ්‍යයට මුදාහරින්නේ.

ඔන්න රානු මොන්ඩාල් ගීත ගායනා කරන හැටි දැන් ඉන්දියාවේ විතරක් නෙවෙයි මුළු ලෝකෙම ප‍්‍රසිද්ධයි. ඒ අතරේ ඇයට හැමෝගෙන්ම පැසසුම්. ජනප‍්‍රිය නළු සල්මාන් ඛාන් ඒ අතරේදී රානු මොන්ඩාල්ට සුඛෝපභෝගී නිවහනක් දෙන්නේ ඇයගේ ගීත ගායනාවලින් පුදුමයට පත්වෙලයි. ස්වාතී රෝපයි කියන දියණිය ඉන්න තැනක්වත් දන්නේ නැතුව හිටිය රානු මොන්ඩාල්ට තමන්ගෙ දියණියත් මේ වයිරල් වුණු ඇය ගායනා කරන ගීතය සහිත වීඩියෝව හින්දා මුණගැහෙනවා. දැන් අැය ලෝකෙම ජනප්‍රිය ලෝකෙම ජයගත්ත කෙනෙක්. ආශ‍්‍රය කරන්නේ ඉහළ සමාජය. යන යන තැන මීඩියාවලින් ඇයව වට කරගන්නවා. ඇයගේ හඬට ආදරය කරන රසික රසිකාවියන්ගෙන් බේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ රානු මොන්ඩාල් එක්ක සෙල්ෆි ඡායාරූප ගන්න පොර කනවා. දුප්පත් විදිහට හිටිය ඇය මේ වෙද්දි අඳින්නේ පළඳින්නේ ඉතාම සුපිරි ඇඳුම් ආයිත්තම්. කුණු දූවිලිවලින් බැට කමින් හිටිය ඇය මේ වෙද්දී කොණ්ඩා මෝස්තර දාන්නේ ඉහළ පෙළේ සැලෝන්වලින්. ඒ විතරක් නෙවෙයි ඇය මේකප් දානවා. වටිනා ජුවලරි දානවා. කෙටියෙන්ම කියනවනම් අය මේ වෙද්දී ජීවත් වෙන්නේ සුපිරි පන්තියේ කෙනෙක් විදිහටයි.

ඔන්න දවසක් ඇය සාදයකට සහාභාගි වෙන්න යනවා. එතන ඉන්න ඇයට ආදරය කරන රසිකාවියක් ඇය ගාවට සෙල්ෆි ඡායාරූපයක් ගන්න එනවා.
ඔයා ගාව ගඳයි. මගේ ගාවට එන්න එපා.

ස්ටේශන්වල කුණු දූවිලි වැදි වැදී ගීත ගායනා කළ රානු මොන්ඩාල්ට මුල අමතක වෙලා ඒ දුප්පත් කාන්තාවට බැනලා එලවන්නේ තමන් දැන් ජනප‍්‍රිය තරැවක් කියලත් කියලයි.
ඔය ප‍්‍රවෘත්තිය හෝ ගාලා සමාජ මාධ්‍යයන්හි පැතුරුණේ ඊට අදාළ වීඩියෝ එකත් එක්කයි. ඒ සිද්ධිය වෙලා වැඩි දවසක් ගියේ නැහැ මෙන්න රානු මොන්ඩාල් එයාගේ සමාජ මාධ්‍ය ගිණුම්වලට අමුතුම ඡායාරූප කිහිපයක් එකතු කරනවා.
රානු මොන්ඩාල් නොගැලපෙන විදියට මේකප් දාලා තමයි ඒ ඡායාරූප තමන්ගේ සමාජ මාධ්‍යට එකතු කර තියෙන්නේ. කළු පහැති ඇය මේ ඡායාරූපවල ඉන්නේ සුද්දියක් වගෙයි. ඒ විතරක් නෙවෙයි දෙතොල පුරා රතු පැහැ ලිප්ස්ටික් උලාගෙන.
මේ ඡායාරෑපය සමාජ මාධ්‍යවල පැතිරුණේ හී ගහක වේගෙන්. බොහෝ අය එයට ප‍්‍රතිචාර දක්වලා තිබුණේ ජෝකර් ලේඩි රානු මොන්ඩාල් කියලයි. ඒ ඡායාරෑපය ගැන ඇයගේ දුව එලිසබෙත් ස්වාතී රෝයී මෙන්න වගේ අදහසක් පළකරලා තියනවා.
‘‘අම්මව ඔය විදිහට සමාජ මාධ්‍යයේ හෑල්ලු කිරීම ගැන මට කණගාටුයි. අම්මට ආකල්පමය ගැටලුවක් තියෙන බව මම පිළිගන්නවා. ඒ හින්දා එයා මේ කරදර විහින් දාගත්ත පළවෙනි වතාව නෙවෙයි. ඒත් තමන්ගේ ජීවිතයේ එච්චර කරදර දුක් විඳලා සාර්ථකත්වය ළඟා කරගත්ත ගමන් ඔය වගේ එයාව හෑල්ලු කරන එකනම් කණගාටුවට කරුණක්.

අවසානයේ කියන්නට එක දෙයක් ඇත. සිංහල අපගේ කියමනක් වන කූඩැල්ලා මෙට්ටය මත තියන්න බෑ කියන කියමන සිහිගන්වමින් රානූ මොන්ඩාල් තමන්ගේ තරම පෙන්වමින් තිබෙන බවත් හැකියාවන්ගෙන් කොතරම් පූර්ණ වුණත් කෙනෙක්ගේ සැබෑ ඇතුළාන්තය කොයි මොහොතක හෝ එළියට පැමිණෙන බව ඇය විසින් මුළු ලෝකයාටම පසක් කරමින් සිටින බව පමණක් අපිට පෙනෙන්නට ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!