Gossip

“ඔයා කැමති තීරණයක් ගන්න. අපි එයාව පවුලෙන් අයින් කරලයි තියෙන්නේ.” – ෆේස්බුක් නිසා ජනප්‍රිය නළු ධනංජය සිරිවර්ධනගේ ජීවිතයට අත්වුණු ඉරණම

මම facebook පාව්ච්චි කරද්දී ඇතැම් වෙලාවට සමහරු ඔයා ඇත්ත ධනංජයමද” කියලා අහලා මාත් එක්ක chat කරන අවස්ථා තියෙනවා. මගේ නමින් පෙනී සිටින ව්‍යාජ පුද්ගලයන් facebook එකේ ඉන්න හින්දා තමයි මගේ සමහර රසිකයෝ වැඩි පරෙස්සමට මගෙන් එහෙම අහන්නේ. ඒත් මට පෞද්ගලිකව හිතන දෙයක් තමයි තමන් ආදරය කරන කලාකරුවා කවුද? ඔහු නමින් පෙනී සිටින ව්‍යාජ පුද්ගලයා කවුද කියලා හඳුනා ගන්න රසිකයන්ට හැකිවිය යුතුයි කියන එක. අද වන විට තාක්ෂණය ඉතාම ඉහළ මට්ටමකයි තියෙන්නේ. කවුරුන් හෝ facebook භාවිත කරනවා නම් ඒ ගැන හොඳ දැනුමක් ඇතුවයි ඒ වැඩේ කළ යුත්තේ. ඒ නිසා facebook සැරිසරන ව්‍යාජ ධනංජය සිරිවර්ධනලා හින්දා මගේ රසික රසිකාවියන් මුහුණ දුන් සිදුවීම් පිළිබඳ ලැබුණු ආරංචි ගැන මේ මොහොතේ කතා කරන්නේ නැහැ. facebook හරහා මම මුහුණ දුන් අත්දැකීම් කිහිපයක් ගැනයි මම මේ කියන්න හදන්නේ.
දවසක් මම මගේ facebook ගිණුමට ඇතුළු වෙලා ඉන්න වෙලාවක මම දැක්කා ධනංජය සිරිවර්ධන නමින් තවත් ව්‍යාජ facebook ගිණුමක්.
ඒ වේලාවේ මගේ නමින් පෙනී හිටපු කෙනා එක්ක මම chat කළා.” මම ධනංජය සිරිවර්ධන ඔයා කවුද? මම එයාගෙන් එහෙම ඇහුවා. මම ධනංජය සිරිවර්ධනගේ හෘද සාක්ෂිය….
එහෙම කියලා එයා නිහඬ වුණා. ඊට පස්සේ facebook එකේදී අපි හමුවුණෙත් නැහැ. මම එයා ගැන හොයන්න ගියෙත් නැහැ.
කොහොමත් ඔය වගේ පුංචි පුංචි සිදුවීම් පිටුපස්සේ මම හඹා යන්නේ නැහැ. හැබැයි මගේ් පෞද්ගලික ජීවිතයට ලොකු බලපෑමක් එල්ල කරපු සිදුවීමක් facebook එක නිසා සිද්ධ වුණා.
ඒ සම්බන්ධයෙන් මම නීතිය හමුවට පවා ගියා.
මෙන්න මේකයි ඒ සිදුවීම. මට facebook හරහා කරදරයක් බවට පත් වූ එක්තරා රසිකාවියක් හිටියා. සාමාන්‍යයෙන් නළුවන්ට ආදරේ කරන ගෑනු ළමයි සහ නිළියන්ට ආදරේ කරනා පිරිමි අය රසික රසිකාවියෝ අතර ඉන්නවානේ. ඒත් මෙයා එතැනිනුත් එහාට ගියපු කෙනෙක්. මෙයා කියන විදියට මමයි ඇයයි අතර ප්‍රේම සම්බන්ධයක් තිබිලා තියෙනවා. ඒ සම්බන්ධය පැවැති කාලයේ අපි දෙන්නා ආගිය තැන් ගැන, කළ කී දේවල් ගැන කියලා තමයි මෙයා මට පණිවුඩ එවන්නේ. කරන්නම දෙයක් නැති තැන මම එයාගේ facebook ගිණුම Block කළා.
මෙන්න විනාඩි 10ක් යන්න කලින් අලුත් facebook ගිණුමක් හදාගෙන එයා ආයෙම මගේ Massenger වලට කලින් වගේම පණිවුඩ එවනවා.
මේ විදියට එයාගේ facebook ගිණුම් මම Block කරන හැම වතාවෙම අලුතින් facebook ගිණුම් හදාගෙන මෙයා මට පුරුදු පණිවුඩ එවන්න පටන්ගත්තා. පස්සේ මට නීතිය ඉදිරියට යන්න වුණේ මේ කරදරෙන් මට ගැලවිල්ලක් ඇත්තේම නැතිබව පෙනී ගිය නිසයි.
පස්සේ කොහොම හරි උත්සාහ කරලා මම මේ තැනැත්තියගේ තොරතුරු හොයාගත්තා. එහිදී මම ඇගේ ඥාති පුත්‍රයෙක් දැන හඳුනාගත්තා.
මල්ලි ඔයා කැමති තීරණයක් ගන්න. අපි එයාව පවුලෙන් අයින් කරලයි තියෙන්නේ. එයාට ‍පොඩි මානසික ආබාධයක් තියෙනවා.
ඇගේ ඥාති පුත්‍රයා මට එහෙම කිව්වා. බලාගෙන යද්දී මේ තැනැත්තිය මට වඩා දෙගුණයක් විතර වයස කෙනෙක්. ඇය කාලයක් විදෙස් රටකත් ඉඳලා. කොහොම හරි මට සිදුවුණා අන්තිමට නීතිය හරහා ඇයට තදබල ලෙස අවවාද කරවන්න. මීට පස්සේ මෙවැනි දෙයක් කළොත් අත්අඩංගුවට ගන්නා බවට මේ වෙද්දී නීතියෙන් ඇයට දැනුම් දීලයි තියෙන්නේ’

උපුටා ගැනීම – ලක්බිම පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!