Gossip

“ඒ ආරංචිය එද්දි මම ගෙදරට වෙලා පොතක් කියව කියවා හිටියේ – මම දැන් රංගන ශිල්පිනියක්‌ නෙමෙයි” – අයිරාංගනී සේරසිංහ

අයිරාංගනී සේරසිංහ මහත්මිය කියන්නේ මෙරට සිනමාව තුළ අද්වීතීය රංගනයන් ඉදිරිපත් කළ චරිතයක්. ඇය ගැන පසුගිය සතියේ සමාජජාල මාධ්‍යයන්වල බොරු ප්‍රචාරයක් පළ වුණා. ඒ ඇය අසනීප වී රෝහල් ගත කළ බවටයි. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අයිරාංගනී සේරසිංහ මහත්මිය පුවත්පතක් සමග සංවාදයකට එක්වී තිබුණා. මේ ඒ ගැනයි.

කොහොමද ඉතිං?
ගෙදරට වෙලා හොඳින් ඉන්නවා…

අසනීපෙන් කියලා ආරංචි වුණා?
මටත් ආරංචි වුණා.

ඔබට කොහොමද ආරංචි වුණේ?
මට ආදරේ කරන අය, මගේ හිතවතුන්, මගේ යාළුවන්, නෑදෑයින් තමයි මටත් ඒ ගැන කිව්වේ.

මොකද හිතුනේ මේ වගේ කතාවක්‌ ප්‍රචාරය වෙලා කියලා දැන ගත්තම?
මට නම් ඉතිං ඕවායේ ගාණක්‌ නෑ. ඒත් මට ආදරේ කරන මගේ මිනිස්‌සු පව්. ඒ හැමෝම බය වෙලා දුක්‌ වෙලා ටෙලිෆෝන් කර කර හොයලා බලනවා. කරදර වෙනවා. ඒ අයට කොච්චර වැඩ තියෙනවද? ඒ අස්‌සේ මේ බොරුවක්‌ නිසා බයවෙලා කරදර වෙලා. මට දුක මට ආදරේ කරන මිනිස්‌සු ගැන. ඒ අයටයි කරදරේ. කොච්චර නරක වැඩක්‌ද මේ කළේ. ඔහොම බොරු කියන්න බොරු කරන්න පුළුවන්ද මිනිස්‌සුන්ට. දැන් බලන්න අර දීපානිගේ ඇක්‌සිඩන්ට්‌ එක වෙලාවේ කොච්චර බොරු ප්‍රචාර කළාද? ඒ මිනිස්‌සු දීපානිත් එක්‌ක බොහොම සුහදව ඒ ප්‍රශ්නේ විසඳ ගත්තා. දීපානිට ආදරෙන් සැලකුවා. නමුත් සමාජ මාධ්‍ය ජාලවල ප්‍රචාරය කළේ වෙන්නේ බොරු. මෙහෙම බොරු ප්‍රචාර වගකීමක්‌ නැතුව කරන්න පුළුවන් නම් ඒකෙන් රටටම ප්‍රශ්නයක්‌ වෙන්න පුළුවන්.

කොහොමද ඉස්‌සෙල්ලම දැනගත්තේ ?
මගේ යාලුවෝ තමයි මට කතා කරලා කිව්වේ ඔන්න තව බොරුවක්‌ කියලා තියෙනවා කියලා.

ඔය කතාව ආරංචි වෙද්දී කොහේද හිටියේ?
ගෙදරට වෙලා පොතක්‌ කියව කියව හිටියේ මම.

කතා කරපු අයට ඔබ මොනවද කිව්වේ?
මේ කතාව අමූලික බොරුවක්‌ කියලා කිව්වා මම. මිනිස්‌සු මෙහෙමත් පහත් වැඩ කරනවද කියලා හිතුනා මට. මිනිස්‌සුන්ගේ මනසට මොනවා වෙලා ද කියලා මට හිතා ගන්න බෑ.

මේ වැඩේ කව්රු කළා කියලද ඔබතුමිය හිතන්නේ?
අනේ මන්දා… කව්රු කළාද කියලා හිතාගන්න බෑ. මොකද මං කාටවත් නරක වැඩ, ඉරිසියා වැඩ කරලා නෑ. මට තරහා කාරයෝ නෑ. රණ්‌ඩු වෙලත් නෑ මං කා එක්‌කවත්. හැමෝම එක්‌කම මං හොඳයි. මං කවදාවත් කාටවත් නරකක්‌ කරලා නෑ.

හේතුවක්‌ හිතාගන්න බැරිද?
හේතුවක්‌ හිතාගන්න බෑ ඉතිං.

කලා ක්‌ෂේත්‍රයේම කෙනෙක්‌ ඉරිසියාවට කරපු දෙයක්‌ද?
අනේ මන්දා. ඔය ඉරිසියාව කොහෙන් නතර වෙන එකක්‌ද කියලා. හැබැයි මගේ යාලුවෙක්‌ කිව්වා මේ වගේ දේවල්වලින් සල්ලි හම්බ කරන්න පුළුවන් කියලා නං. පුදුමයි ඉතිං. බොරු ප්‍රචාර කරලා සල්ලි හම්බ කරන්න පුළුවන් නං…

ඔබ මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ගයක්‌ ගන්න හිතුවද?
අනේ නෑ… මගේ යාලුවෝ හිතවතුන් කිව්වා එයාලා මොනවා හරි දෙයක්‌ කරන්නම් කියලා. අනේ මට ඕවා ගැන වද වෙන්න බෑ.

මේ දවස්‌වල කලා කටයුතුවලට සම්බන්ධ වුණේ නැද්ද?
වැඩිය වැඩ කළේ නම් නෑ. ටෙලි නාට්‍යයකට සම්බන්ධ වුණා. චිත්‍රපට හතරක්‌ එන්න තියෙනවා. එකක්‌ තියෙනවා අවුරුදු හතක්‌ තිස්‌සේ තවමත් පෙන්නලා නෑ. එහෙම දේවලුත් මේ රටේ තියෙනවා ඉතින්.

මේ දවස්‌වල විවේක සුවයෙන් කාලය ගත කරනවද ?
වැඩිපුරම කරන්නේ පොත් කියවන එක සහ භාවනා කරන එක. මම දැන් රංගන ශිල්පිනියක්‌ නෙමෙයි.

ඇයි එහෙම කියන්නේ?
ඇයි ඉතිං පහුගිය ටිකේ වැඩිය මම රඟපෑවේ නෑනේ. කවුරුත් කතා කළේ නෑ.

ඇයි ඒ?
අනේ මන්දා ඉතිං… ඕවට හේතු දන්නේ නෑ. තව ඉතිං නළු නිළියෝ කොච්චර ඉන්නවද නේද. හැමදාම එක්‌කෙනෙක්‌ රඟපාලා හරියන්නේ නෑනේ නේද..

සේරසිංහලා ඉන්නේ මෙච්චරයිනේ?
අයියෝ… මම නං එහෙම හිතන්නේ නෑ…

පරිසරවේදිනියක ලෙස ඔබේ වැඩ කටයුතු කොහොමද දැන්?
ස්‌වභාවික පරිසරය සුරැකීම පිළිබඳ මම කොහොමත් කටයුතු කළා. තවමත් ඒ දේවල් කරගෙන යනවා. පුළුවන් තරමින් ඒ දේවල් ගැන අනාගත පරම්පරාවට කියලා දෙන්නයි මට ඕන. මේ රට විනාශ වෙන්න දෙන්නේ නැතුව.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!