Gossip

“එතැන වෙනුරත් හිටියා -ලංකාවේ ඉන්න ගොඩක් පිරිමි චිත්ත අදින්නේ” – මහ රෑ දාගත්ත වලිය ගැන පියුමි කට අරියි

සමාජ ජාල මාධ්‍යයන් නිසා ප්‍රසිද්ධ වුණු කෙනෙක් තමයි පියුමි හංසමාලි කියලා කියන්නේ. පසුගිය දවස්වල ඇය ගැන අලුතින් කතාබහට ලක්වුණේ ඇය තවත් පිරිසක් සමග රණ්ඩු වී ඔවුන්ට බණින ආකාරය දැක්වෙන වීඩියෝවක් නිසා. ඉතින් මේ ගැන ඇය පුවත්පතක් හමුවේ කියලා තිබුනේ මේ විදියට.

පියුමිගේ නම ඈදීලා අලුත් සිද්ධියක් එලියට ඇවිත්. මොකක්ද මේ මෙදා සැරේ දාගත්ත ප්‍රශ්නේ..?
pub එකකදී ගැහැණු ළමයි පිරිසක් එක්ක පොඩි බහින් බස් වීමක් වුණා. කතා කර කර ඉද්දි එක ගැහැණු ළමයෙක් එයාගේ අතේ තිබුණු ලිකර් එක මගේ මුහුණට ගැහුවා. මගේ අස් දෙක දැවිල්ල ගත්තා. අස් දෙක ඇරගන්නවත් බැරි වුණා. ඇස් දෙක ඇරපුගමන්ම ඒ කේන්තියට ලග තිබුණු බෝතලයකින් මම ඒ ගර්ල්ට ගැහුවා. මුලින්ම එයයි රණ්ඩුවට ආවේ.

රණ්ඩුවක් වෙන්නත් හේතුවක් ඇති නේද..?
ඩාන්සින් ෆ්ලෝ එකේදී මොකක් හරි කතාවක් ගියේ. මම දන්නේ නැහැ ඒක කොහොම වුනු දෙයක්ද කියලා. එකපාරටම එයා මොකක් හරි කියාගෙන ආවා. මාත් කිව්වා. මට ඒක හරියට මතක නැහැ.

රණ්ඩු වුනු පාර්ශවයේ අය කලින් ඉදලා හදුනනවාද…?
නැහැ. එයාලා කවුරුත් මිට කලින් හදුනන්නේ නැහැ. එයාලා සාමාන්‍ය අය.

ඒ සිද්ධිය වෙන වෙලාවේ පියුමි එක්ක කවුද හිටියේ..?
එතැන වෙනුරත් හිටියා.

ඒ සිදුවීමේදී පියුමි පරුෂ වචනයෙන් ඒ පාර්ශවයට බැණ වදිනවා. ජනප්‍රිය චරිතයක් නිසාවත් කියන, කරන දේවල් පරිස්සමින් වෙන්න ඕන කියලා හිතෙන්නේ නැද්ද..?
ලංකාවේ ඉන්න ගොඩක් පිරිමි චිත්ත අදින්නේ.මම ඒ බනිද්දි කිව්වා වචන ඉංග්‍රීසියෙන් කිව්වා නම් වාව් මරු කියයි. සිංහලෙන් කියන කුණුහරප ටික තමයි මිනිස්සුන්ට අමාරු. ගැහැණු අයගේ ප්‍රශ්නවලට ඒ අයගේ පිරිමි අයත් එකතු වෙද්දී මට තරහා ගියා. මම ඒක එච්චර හිතන්නෙත් නැහැ. ඒ ගැන මම ලජ්ජා වෙන්නෙත් නැහැ. කේන්ති ගියහම අපි කැත විදිහට බනිනවනෙ. ඒක සාමාන්‍ය දෙයක්.

පියුමි ගුටි කෑවා කියලත් කියනවනේ. ඇත්තද ඒක..?
කවුරුත් මට ගැහුවේ නැහැ. මම ගුටි කෑවේත් නැහැ.

වෙච්ච සිද්ධිය ප්‍රචාරය කළ එක කැතයි කියනවා නම් පියුමි කළ දේ කැත නැද්ද කියලා කෙනෙක් ඇහුවොත්..?
මම එහෙම දෙයක් කළේ රණ්ඩුවක් ඇති වුණ නිසානේ. මම නිකන් පාරේ යන ගමන් මිනිසුන්ට බැන බැන යන්නේ නැහැනේ.

මේ සිදු වෙන දේවල් එක්ක පියුමිව විවේචනය කරද්දී ඒක ඔයාගේ ජිවිතයට හානියක් නෙමෙයිද..?
මම කිසිම හානියක් නැහැ. මගේ ඇගේ ඒවා වදින්නේ නැහැනේ. මාව විවේචනය කරන්නේ අද ඊයෙක ඉදලා නෙමෙයි. ෆීල්ඩ් එකට ආපු කාලේ ඉදලා මම අදින පළදින විදිහට මිනිස්සු මාව විවේචනය කරනවා. මට ඒක අදාලම නැහැ. මම කාගේවත් කාලා ඇදලා ජිවත් වෙන්නේ නැහැනේ. විවේචන කරන අයට මම කියන්නේ මාව විවේචනය කරන්න විවේචනයට ලක් වෙන පළමු ගැහැණියවත් අන්තිම ගැහැණියවත් මම නෙමෙයි. ඊට වඩා නිලියෝ කොච්චර විවේචනයට ලක් වෙලා තියෙනවද. මම රණ්ඩු වුණා. කුණුහරප කිව්වා. ඒක හරිම සිම්පල්

පියුමිට මඩ කාලා ඇති වෙලාම නැද්ද..?
එක වෙලාවකට ඇති කියලත් හිතෙනවා මේ මඩ. මට ඒ මඩ දැන් පුරුදුයි. මඩ ගහන්න ගහන්න මම ගෑවෙන්නේ නැහැ වගේ ඉන්නවා. මම හරිම ශක්තිමත් ගැහැනියක්.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!