Gossip News

එජාප නායකත්වයේ වෙනසක්..

එක්සත් ජාතික පක්ෂ නායකත්වය රුවන් විජේවර්ධන මහතාට භාර දීමට රනිල් වික්‍රමසිංහ මහතාගේ ගේ අවධානය යොමු වී ඇති බව එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසනවා..
රනිල් වික්‍රමසිංහ සමග එජාප පිරිසක් විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර මෙහිදී එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය රුවන් විජේවර්ධන මහතාට භාර දීම කෙරෙහි රනිල් වික්‍රමසිංහගේ අවධානය යොමු කරවා ඇති බව සඳහන්.
ලබන සදුදා හා අගහරුවාදා මේ පිළිබඳ වැඩි දුරටත් සාකච්ඡා පවත්වා බදාදා වික්‍රමසිංහ මහතා මේ සම්බන්ධයෙන් සිය අවසන් තීරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවද එකී ආරංචිමාර්ග වැඩි දුරටත් සඳහාන් කළේය.
මේ අතර එක්සත් ජාතික පක්ෂයට හිමි වී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබා දෙන්නේ කාටද යන්න පිළිබඳද තවමත් නිෂ්චිත එකගතාවකට පැමිණ නොමැති අතර තමන්ට ඒ මන්ත්‍රීධුරය ලබා දෙන මෙන් හිටපු ප්‍රබල ඇමැතිවරුන් දෙදෙනකු එජාප නායකයාට දරුණු ලෙස බලපෑම් කරමින් සිටින බවද වාර්තා වේ.
එජාප නායකත්වය ලබා ගැනීම කෙරෙහිද පක්ෂ ජ්‍යේෂ්ඨයන් කීප දෙනකුම මෙපරිද්දෙන්ම කලක පටන් එජාප නායකයාට බලපෑම් කරමින් සිටින බැවින් පක්ෂයේ යළිත් බෙදීමක් ඇති වීම වළක්වා ගැනීම සඳහා නායකත්වය ගැන බලාපොරොත්තුවක් නොතිබුණු රුවන් විජේවර්ධනඑම තනතුරට පත් කීරීමට බොහෝ දුරට ඉඩ ඇති බවද ආරංචිමාර්ග තහවුරු කරයි. එමෙන්ම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයද බොහෝ විට ජාතික ලැයිස්තු අපේක්ෂකයකුටම ලබා දීමට ද හැකියාවක් ඇති බව එකී ආරංචිමාර්ගම කියයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!