Gossip

එජාපයෙන් පවත්වන විරෝධතාවට හදිසියේ දුන්න අධිකරණ තීන්දුව මෙන්න

එක්සත් ජාතික පක්ෂය විසින් අද (39) දින පැවැත්වීමට යෝජිත උද්ඝෝෂණය මහජන පීඩාවක් ඇති නොවන ආකාරයෙන් පැවැත්වීමට පියවර ගන්නා මෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කළා.

ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසිනුයි.

කුරුදුවත්ත පොලිසිය විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කරනු කර තිබෙනවා.

පොලිසිය අධිකරණයට දන්වා සිටියේ එක්සත් ජාතික පක්ෂය විසින් පැවැත්වීමට යෝජිත උද්ඝෝෂණ ව්‍යාපාරය තුළින් මහජන සාමය කඩ වීමේ සිද්ධීන් ඇති විය හැකි බවට බුද්ධි තොරතුරු ලැබී ඇති බවයි.

එමනිසා මහජන සාමය කඩවන සිද්ධීන්වල යෙදීමෙන් වළකින ලෙසත් අයුතු ලෙස රජයේ ආයතන වලට ඇතුල් වීම සහ දේපළවලට අලාභහානි කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පොලිසිය මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!