Gossip News

එක් දිනකට මෙරටින් පිළිකා රෝගීන් 80ක් හදුනාගනි…

එක් දිනකදී මෙරටින් පිළිකා රෝගීන් අසූවක් (80) පමණ වාර්තා වන අතර ඉන් තිස් අට දෙනකු (38) දිනක් ඇතුළතදීම මියයන බව ජාතික පිළිකා මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුරාජ් පෙරේරා පවසයි.

වාර්තා වන පිළිකා රෝගීන් අතරින් වැඩිම දෙනා පිරිමින්ය. පිරිමින් අතර මුඛ පිළිකා බහුලවන අතර වසරකට වාර්තා වන පිළිකා රෝගීන් සංඛ්‍යාව තිස් දෙදහසක් (32000) පමණ වේ.

මීට අමතරව පිරිමි පාර්ශ්වයෙන් බහුලව වාර්තා වන පෙණහලු පිළිකා රෝගීන් වසරකට එක්දහස් දෙසීයක් (1200) පමණ හමුවන බව සඳහන් වේ.

වසරකට බඩවැල් පිළිකා සහ ගලනාළ පිළිකා රෝගීන් එක්දහස් එකසියයක් හා පුරස්ථි ග්‍රන්ථි පිළිකා රෝගීන් දහසක් (1000) පමණ වාර්තා වන බව වෛද්‍යවරයා පවසයි.

කාන්තාවන් අතරින් බහුලව වාර්තා වන පියයුරු පිළිකා රෝගීන් ගණන වසරකට 3600කි. වසරකට ගැබ්ගෙල හා ඩිම්බ කෝෂ පිළිකා රෝගීන් දෙදහස් දෙසීයක් (2200) වාර්තා වන බවද සඳහන්ය.

මේ සියලුම පිළිකා අතරින් ගුද මාර්ගයේ පිළිකා ඇතිවීමට ප්‍රධානම හේතුව ක්ෂණික ආහාර වර්ග බව වෛද්‍යවරයා වැඩිදුරටක් පැවැසීය. ක්ෂණික ආහාරවල අඩංගු සීනි හා ලුණු සෘජුව හෝ වක්‍රාකාරව පිළිකාකාරක ඇතිකිරීමට දායක වන බව විශේෂඥ වෛද්‍යවරයා ඇෆ්ලටොක්සින් නම් පිළිකාකාරකය හේතුවෙන් ඇතිවන අක්මා පිළිකා රෝගීන්ද බහුලව වාර්තා වන බව සඳහන් කළේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!