Gossip

එක්සත් ජාතික පක්ෂයේ තනතුරු වෙනස් වෙයි – අද වෙනස් වෙයි, හෙට වෙනස් වෙයි කියලා බලාගෙන හිටපු වෙනස මෙන්න

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ඇතුළු ප්‍රධාන තනතුරු පහක් අප්‍රේල් තිස් වන දිනට පෙර අලුතින් පත් කිරීමට තීරණය කර තිබෙනවා.

පක්ෂයේ නායකයා, නියෝජ්‍ය නායකයා, උප නායකයා, සභාපති සහ මහලේකම් යන තනතුරු සඳහා අලුතින් පුද්ගලයින් නම් කරන බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කළේ.

පක්ෂ ප්‍රතිසංවිධානය සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ දී ඊයේ (07) පැවති විශේෂ සාකච්ඡාවලින් අනතුරුව මෙම තීරණ ගෙන තිබෙනවා.

එහිදී පක්ෂයේ ඉහළ තනතුරු සඳහා පුද්ගලයින් පත් කිරීම ඇතුළු කාර්යයන් සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 12 දෙනෙකුගෙන් සමන්විත මණ්ඩලයක් පත් කර ඇති බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කළේ.

මන්ත්‍රීවරුන්ගේ රහස් ඡන්දයෙන් තේරී පත් වූ එම කමිටුවට රංජිත් මද්දුම බණ්ඩාර, අකිල විරාජ් කාරියවසම්, ගයන්ත කරුණාතිලක, මංගල සමරවීර, නවීන් දිසානායක, හරීන් ප්‍රනාන්දු, අජිත්.පි.පෙරේරා. එරාන් වික්රරමරත්න, රුවන් විජේවර්ධන, නලීන් බණ්ඩාර, අශෝක ප්‍රියන්ත සහ ජේ.සි.අලවතුවල යන මැති ඇමතිවරුන් අයත් වනවා.

මීට අමතරව සජිත් ප්‍රේමදාස සහ රවී කරුණානායක යන පක්ෂයේ නියේජ්‍ය නායකයන් දෙදෙනා ද කමිටුවට ඇතුළත් වේ.

මේ අතර නියෝජ්‍ය අමාත්‍ය අජිත්.පි.පෙරේරා මහතා ප්‍රකාශ කළේ මෙම ක්‍රියාමාර්ග හරහා පක්ෂය ප්‍රජාතන්ත්රිවාදී ක්‍රියාමාර්ගයකට පිවිස ඇති බවයි.

මේ අතර ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ තීරණ ගැනීම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ද හෙට (09) රැස්වීමට නියමිතය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!