Gossip

එංගලන්තයේ කොරෝනා පරීක්ෂණ අසාර්ථකයි : හේතුව මෙන්න

කොරෝනා වෛරසය ආසාදනය  වී ඇත්දැයි සොයා බැලීම සඳහා නාසයෙන් ශ්‍රාව පටල  ලබා ගැනීමට සිදු කරන පරීක්ෂණය  කොරෝනා ලක්ෂණ පෙන්නුම් කරන එංගලන්ත ජාතිකයින්ටම සිදු කරගැනීමට අවස්ථාව ලබා දීම හේතුවෙන් එම පරීක්ෂණය නිසි පරිදි සිදු නොවීමෙන් එංගලන්තයේ  වෛරස් රෝග ලක්ෂණ පෙන්නුම් කළ දස දහස් ගණනකට කොරෝනා ආසාදිතයින් නොවන බවට වැරදි තීන්දුවක් පසු ගිය කාලයේ ලබා දී ඇති බවට එරට සෞඛ්‍ය විශේෂඥයෝ  සැක පළ කර සිටිති.

එංගලන්තයේ දිනකට මෙවැනි ස්වයං  නාසයෙන් ශ්‍රාවයන් ලබා ගන්නා පරීක්ෂණ 60,000 කට අධික සංඛ්‍යාවක් සිදු කෙරෙන බව අනාවරණය වී තිබේ.

එංගලන්තයේ “ද ඩේලි මේල් ” පුවත්පතට අනුව බොහෝ එංගලන්ත ජාතිකයින්ට මෙම නාසයෙන් ශ්‍රාව පටල ලබා ගැනීම සඳහා සිදු කරනු ලබන පරීක්ෂණය කිසිදු වෛද්‍ය වෘත්තිකයෙකුගේ අධීක්ෂණයක් නොමැතිව තනිව සිදු කර ගැනීමට අවස්ථාව ලබා දීමට එංගලන්ත  සෞඛ්‍ය අංශ විසින් පියවර ගෙන තිබේ .මෙහි ප්‍රතිඵලයක් ලෙස එසේ නාසයෙන් ශ්‍රාව පටල ලබා ගැනීම සඳහා යොදා ගන්නා උපාංගය නාසයේ පතුල  තෙක්  ඇතුළතට  දැමිය යුතු වුවද ඒ සම්බන්ධයෙන් පුහුණුවක් නොමැති කොරෝනා වෛරස් රෝග ලක්ෂණ පෙන්නුම් කරන රෝගීන් එම පරීක්ෂණය සිදු කිරීමේදී උපාංගය නාසයේ කෙට් දුරක් ඇතුළතට දැමීම හේතුවෙන් වැරදි පරීක්ෂණ ප්‍රතිපලයක් ලැබීමේ  අවස්ථාව වැඩි වී තිබේ.

මෙහිදී රෝගියාටම සිදු කර ගැනීමට ලබා දෙන එම පරීක්ෂණ උපාංගය ඉතා කෙටි  එකක් වීම නිසා එය නාසයේ ඇතුළතට දැමිය හැක්කේ කෙටි දුරක් වන අතර එහිදී ලැබෙන ප්‍රතිඵලයේ නිවැරදිබව ඉතාමත් අඩු මට්ටමක පවතින බව   සෞඛ්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති . වෛද්‍ය වෘත්තිකයින් විසින් මෙම පරීක්ෂණය සිදු කිරීමේදී භාවිත කරන උපාංගය දිගු එකක් වීම නිසා නියමිත ආකාරයෙන්  නාසයේ පතුලටම එය ඇතුළු කර අවශ්‍ය ශ්‍රාවයන් නිවැරදි ලෙස ලබා ගැනීමේ හැකියාව පවතින බව ඔවුහු අවධාරණය කර සිටිති.

මෙසේ වෛද්‍ය වෘත්තිකයින් විසින් සිදු කරනු ලබන කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්දැයි නාසයේ ශ්‍රාවයන් ලබා ගෙන සිදු කරනු ලබන පරීක්ෂණය නිවැරදි අයුරින් සිදු කිරීමේදී රෝගියාගේ ඇස් වලින් ශ්‍රාවයක් පිට වීම  හෝ   නාසයෙන් ලේ ගැලීම වැනි ලක්ෂණ මතු විය හැකි බව වෛද්‍ය මතයයි.

මේ වන විට උණ ,කැස්ස හෝ ගඳ සුවඳ නොදැනීම යන කොරෝනා රෝග ලක්ෂණ මතු වන ඕනෑම එංගලන්ත ජාතිකයෙකුට නාසයෙන් ශ්‍රාව පටලයන් ලබා ගැනීමේ පරීක්ෂණය සිදු කර ගැනීම සඳහා වෛද්‍ය මධ්‍යස්ථානයකින් කලින් වෙලාවක් වෙන් කරගෙන  එම පරීක්ෂණය සිදු කර ගත හැකි වුවද එසේ වේලාවන් වෙන් කරගන්නා රෝගීන් බොහොමයකටම අදාළ පරීක්ෂනය ඔවුන්ටම සිදු කර ගැනීමට ලබා දීමට   එම මධ්‍යස්ථාන කටයුතු කරන බව අනාවරණය වී තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!