Gossip

ඊශ්‍රායල් ජාතික ගුරුවරියකට ලංකාවේදී කොන්දොස්තරවරයෙකුගෙන් ලිංගික අතවරයක්

ශ්‍රී ලංකාවේ සිරි නැරඹීමට මෙරටට පැමිණි රූමත් ඊශ්‍රායල් ජාතික තිස්‌ හැවිරිදි ගුරුවරියකගේ පියයුරු බලෙන් ස්‌පර්ශ කර ලිංගික අතවර කළ බව කියන මීගමුව ලංගම ඩිපෝවට අනුයුක්‌තව සේවය කරන බස්‌ කොන්දොස්‌තරවරයකු මීගමුව පොලිසිය විසින් 2 දා අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ සැරයන් පී. එම්. ඡේ. බණ්‌ඩාර (19540) මහතා විසින් කළ විමර්ශනය අනුව රූමත් ඊශ්‍රායල් ජාතික ගුරුවරිය ශ්‍රී ලංකාවේ සංචාරයක්‌ සඳහා පැමිණ ඇත්තේ තම ස්‌වාමියා සමගිනි. ඔවුන් කොළඹ බස්‌ නැවතුම්පළෙන් මීගමුවට පැමිණීමට මීගමුව බස්‌ රථයකට ගොඩ වී ඇත. එම ඊශ්‍රායල් ජාතික ගුරුවරිය ගුරු වෘත්තියේ යෙදෙන්නේ චීනයේය.

මෙම දෙදෙනා මීගමුව බස්‌ නැවතුම්පළේ බස්‌ රථයෙන් බැසීමට ගිය අවස්‌ථාවේ බස්‌ රථයේ කොන්දොස්‌තරවරයා විසින් එම විදේශ කතගේ ලැම ප්‍රදේශය බලෙන් ස්‌පර්ශ කරමින් ලිංගික අතවර කළ බව පැමිණිල්ලේ සඳහන් වේ. මෙම සිද්ධියට අදාළව සැකපිට මීගමුව කිඹුලාපිටිය පාරේ පදිංචි උපුල් කුමාර වික්‍රමසිංහ නමැති මීගමුව ඩිපෝ කොන්දොස්‌තරවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!