Gossip News

ඊයේ දිනයෙදි කොරෝනා මරණ 5ක් වාර්තා වෙයි. මුළු ආසාදිතයින් සංඛ්‍යාව 26,000 දක්වා ඉහළට. නවතම තොරතුරු මෙන්න….

ඊයේ දිනයේ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගෙන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබෙනවා. එම සංඛ්‍යාව 402 ක්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 66 ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් ආසාදිතයින් 35 දෙනාද ඊයේ හඳුනාගත් අතර. (03) ඊයේ දිනයේදී හඳුනාගත් කොරෝනා රෝගීන් 627 දෙනා සමඟ මෙරට සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 26,038 දක්වා ඉහළ ගියා.

මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 129 දක්වා ඉහළ ගියේ, ඊයේ දිනයේදී තවත් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමගයි.

මේ අතර, කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ දිවයිනට පැමිණීමට නොහැකිව විදෙස් රටවල රැඳී සිටි පුද්ගලයින් 345 දෙනෙකුද අද අලුයම දිවයිනට පැමිණ තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!