Gossip

ඊයේ ඇමතිවරයෙකු ලෙස දිවුරුම් දීපු වසන්ත සේනානායක තවමත් එජාපයේ බව අද හෙළි කරයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ආරාධනය මත ආණ්ඩුවට එක් වූ නමුත් තමන් තවමත් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකු බව නව සංචාරක හා වනජීවී අමාත්‍ය වසන්ත සේනානායක පවසනවා.

ඉරිදා දිවයිනට පැමිණ ජනාධිපතිවරයා විසින් ධූරයෙන් නෙරපන ලද රනිල් වික්‍රමසිංහ හමුවී සහය පළ කළ, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක සංචාරක හා වනජීවී අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ ඊයේ (ඔක්තෝබර් 29) දිවුරුම් දුන්නා.

පක්ෂයේ වෙන නායකයෙක් බිහිකරන්න මම මහන්සි වෙනවා කොතන හිටියත්. ඒ නිවැරදි නායකයා බිහි වෙනකල් මම ආණ්ඩුවට සහයෝගය දෙනවා
යනුවෙන් ඔහු සඳහන් කළා.

“මම එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය අත්හරින්නේ නෑ,” නව පදවියේ දිවුරුම් දීමෙන් අනතුරුව අමාත්‍යවරයා එසේ කියා සිටියා.

“ජනාධිපතිතුමාට පුළුවන් ඕන පක්ෂයකින් ඇමතිවරු පත් කරන්න යනුවෙනුත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

(උපුටා ගැනීම – බීබීසී)

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!