Gossip

ඉරාජ්ගේ පහුගිය වැඩකටයුතු ගැන බලද්දිනම් ගීතයට කතා කරද්දී මුලදිනම් බයත් හිතුනා – සඳනි ප්‍රනාන්දු

මේ දිනවල කාගෙත් කතාබහට ලක්වූ වගේම ගොඩක් දෙනෙක්ගේ ආදරය දිනාගත් යුවතියක් තමයි සඳනි ප්‍රනාන්දු කියන්නේ. ශලනි තාරකා විසින් පදරචනය කරනු ලැබූ නිරෝෂා විරාජිනී විසින් ගායනා කරනු ලැබූ යළි හමුවෙමු ගීතයේ රූප රචනාවටද ඉරාජ් විසින් නිෂ්පාදනය කරනු ලැබූ සාවි ගීතය ඔස්සේද ප්‍රෙක්ෂක ආදරය දිනාගත් සඳුනි පුවත්පත් සාකච්ඡාවක් හමුවේ ඇගේ විස්තර කියා තිබුණේ මෙලෙසයි.

ඔබ ගැන මුලින්ම කිව්වොත්?
මම සඳනි මල්ෂා ප්‍රනාන්දු. වයස තාම අවුරුදු 19යි. මගේ ගම මාරවිල. දැනට වාණිජ අංශයෙන් උසස් පෙළ කරලා ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටිනවා. ඒ අතරතුර තමයි මේ අනෙකුත් වැඩකටයුතු කරගෙන යන්නේ.

නිරූපණයට එකතු වුණේ කොහොමද?
මම නිරූපණයට එකතු වුණේ 2016 අවුරුද්දේ. ඒ අයිටීඑන් අවුරුදු කුමාරි තරගයෙන් පස්සේ. ඉස්සෙල්ලාම වෙළෙඳ දැන්වීම් වලින් තමයි මම නිරූපණයට එන්නේ. වෙළෙඳ දැන්වීම් කරගෙන යද්දි මට ටෙලි නාට්‍යයකට ආරාධනා ලැබෙනවා. ඊට පස්සේ මේ අවුරුද්දේ, ඒ කියන්නේ 2017 රූපවාහිනී අවුරුදු කුමාරි තරගය ජයග්‍රහණය කරනවා. එතැනින් එහාට මට මියුසික් වීඩියෝ සඳහා ආරාධනා ලැබෙනවා.

දෙමව්පියන්ගෙන් ඔබට මේ සඳහා ලැබුණ සහයෝගය මොන වගේද?
ගෙදර අය මම ආස කරන හැමදේකටම මට උදව් කරනවා. මගේ අම්මා සහ අයියා තමයි අවුරුදු කුමාරි තරගය වගේම හැමදේකටම මගේ ළඟින්ම ඉඳලා සහයෝගය දුන්නේ. ඉන්පසුව වෙළෙඳ දැන්වීම් සඳහා ඉදිරිපත් වන විටත් ඒ අය මට ලොකු සහයෝගයක් ලබාදුන්නා.

ඔබ දායක වුණු වෙළෙඳ දැන්වීම් මොනවාද?
මගේ පළවෙනි වෙළෙඳ දැන්වීම මන්චි කොමේ වෙළෙඳ දැන්වීම. ඉන්පසුව එටිසලාට්, එලිෆන්ට්හවුස්, HNB බෑන්ක්, කමර්ෂල් බෑන්ක්, මංචි සන් කැකර් වගේ වෙළෙඳ දැන්වීම් සඳහා දායක වුණා. කරීම් ජුවලර්ස් ෆොටෝ ෂූට් එකත්, කොස්ටියුම් බ්රෑන්ඩ් කිහිපයකුත් කරලා තියෙනවා.

රංගනය පිළිබඳව හැදෑරීමක් නැතිව රංගනයට දායක වෙන්න චකිතයක් තිබුණෙ නැද්ද?
තිබුණා. මම කිසිම දෙයක් නොදැනයි ගියේ. ඒ ඩ්‍රාමා එක පටන්ගෙන මාසයකින් විතර පස්සේ මම “ඉන්ෆාස් ඇක්ටින් ඇන්ඩ් පර්ෆෝමින් ආර්ට්ස්” ආයතනයේ රංගන පාඨමාලාව හදාරන්න යොමු වුණා. තවමත් එය හදාරනවා. ඒ ආයතනයෙන් මට ලොකු සහයෝගයක් තියෙනවා. මම මේ තත්ත්වයේ අද ඉන්නේ ඉන්ෆාස් ආයතනය නිසා. මම දෙයක් ඉගෙන ගත්තේ එතැනින්.

ඉදිරියේදී බලාපොරොත්තු වෙන්නේ අධ්‍යාපනය ලැබූ අංශයන්ගෙන් ඉදිරියට යන්නද?
මම උසස් පෙළ ප්‍රතිඵල ආවාට පස්සේ ව්‍යාපාර කළමනාකරණ උපාධියක් කරන්න ඉන්නේ. ගෙදර අයගෙයි, මගෙයි මතය ඕනම දෙයක් කරන්න ඉගෙනීම තියෙන්න ඕන කියන එක. එතැනින් රැකියාවක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව මේ දේවල් කරන් යන්න තීරණයක් තියෙනවා.

අද ක්ෂේත්‍රෙය් ප්‍රමිතියක් නැතිවෙලා තියෙනවා. අලුත් අය යනවා, එනවා මේ දේවල් නිසා පවුලේ අයගෙන් බලපෑම් එල්ලවෙලා නැද්ද?
හුඟක් අය ප්‍රමිතියක් නැති වැඩකරද්දි තමයි එයාලා ප්‍රමිති සහගත නැතිවෙන්නේ. මගේ නෑදෑයෝ, සමහර අය කියලා තියෙනවා මේ දේවල් කරන්න එපා වැඩක් නෑ තේරුමක් නෑ කියලා. ඒ වුණාට මගේ හිතේ තිබුණ, නෑ මේකෙ තේරුමක් තියෙනවා තේරුමක් ඇති වැඩක් කළොත් කියලා.

හොඳට වැඩක් කරන අයත් එක්ක එකතුවෙලා හොඳ දෙයක් කළොත් අපිට හොඳ ප්‍රතිඵල තියෙනවා

ශලනි තාරකා විසින් පද රචනය කළ ගීතයක මියුසික් වීඩියෝව සඳහා ඔබ දායක වුණා. ඒ ගීතය හරහා ඔබව ගොඩක් දෙනෙක් දැන හැඳින ගත්තා නේද?
ඒ ගැන මට සතුටුයි. ඒක මගේ දෙවෙනි මියුසික් වීඩියෝ එක. මගේ පළවෙනි වීඩියෝ එක සිරස සුපර්ස්ටාර් පියත් රාජපක්ෂගේ මියුසික් වීඩියෝව. ශලනි අක්කාගේ ගීතයත් ගොඩක් අය අතරට ගියා. ඊට පසුව තමයි ඉරාජ් අයියගේ වීඩියෝ එක කළේ.

ඉරාජ්ගෙ වීඩියෝ එකකට ආරාධනා ලැබෙද්දි බයක් හිතුණෙ නැද්ද?
මම ඕනම ගීතයක පිටපතයි, ට්රැක් එකයි ඉල්ලලා තමයි භාරගන්නේ. ඉරාජ් අයියගේ ගීතයට මට කතා කරද්දී මුලදි බයත් හිතුණා. ඒ ඔහුගේ පසුගිය වැඩකටයුතු දෙස බලද්දී. පස්සේ මම ඇහුවා පිටපත කොහොමද යන්නේ කියලා. එයාලා මට කියපු පිටපත අනුව ඒකෙ කිසිම වැරදි දෙයක් තිබුණෙ නැහැ. එහෙම වැරද්දක් නොතිබූ නිසා මම ඒ ගීතය භාරගත්තා. ඇත්තටම ඒ අය එක්ක වැඩ කරන්න ලැබුණ එක හොඳයි. පිටතින් ඒ අය දිහා බලනවාට වඩා හොඳයි කියලා මට හිතුණා.

ඔබේ ඉදිරි වැඩකටයුතු හා බලාපොරොත්තු මොනවාද?
නොවැම්බර් මාසේ අග වගේ අලුත් ටෙලි නාට්‍යයක වැඩකටයුතු සඳහා දායක වෙන්න ආරාධනාවක් ලැබිල තියෙනවා. ඒ සඳහා දායක වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඊට අමතරව තවත් වැඩකටයුතු කිහිපයකට ආරාධනා ලැබිල තියෙනවා. ඒවාට සහභාගි වෙනවද නැද්ද කියලා තවමත් තීරණයක් නැහැ. ඉගෙනීම් වැඩකටයුතු හා ක්ෂේත්‍රයේ වැඩකටයුතු සමබරව කරගෙන යන්න තමයි හිතාගෙන ඉන්නේ

උපුටා ගැනීමකි

 

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!