Gossip

ඉන්දියාව සමඟ එක්දින තරගාවලියට යන්න හදපු තිසර ඇතුළු ටීම් එකම හදිසි නියෝගයක් නිසා ගෙදර යවයි

ශ්‍රී ලංකා – ඉන්දියා තුන්වන සහ අවසන් ටෙස්ට් තරගය මේ වනවිට පැවැත්වෙනවා.
මෙම තරගයෙන් පසුව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන එක්දින තරගාවලිය ආරම්භ වීමට නියමිතයි.
මෙම තරගාවලියට සහභාගී වීම සඳහා ගුවන්තොටුපල බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ මධ්‍යම රාත්‍රියේ නැවතත් නිවෙස් බලා නැවතත් පැමිණ තිබෙනවා.
ක්‍රීඩා අමාත්‍යවරයාගේ හදිසි නියෝගයක් මත එලෙස සිදුවූ බවයි වාර්තා වන්නේ.
තිසර පෙරේරාගේ නායකත්වය යටතේ ඉන්දියාව බලා පිටත්ව යාමට සිටියේ උපුල් තරංග, දනුෂ්ක ගුණතිලක, අසේල ගුණරත්න, සචිත් පතිරණ, චතුරංගද සිල්වා, දුෂ්මන්ත චමීර සහ නුවන් ප්‍රදීප් යන අයයි.
මෙම කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය නොලැබීම නිසා මෙම නියෝගය දී ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.
කෙසේ වෙතත් අද දිනයේදී ඔවුන් යළිත් ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!