Gossip

ඉන්දියාවේ කොරෝනා නිසා 4දෙනෙක් ලංකාවට පැනලා

ඉන්දියාවේ පවතින කොරෝනා වසංගතයට බියෙන් මුහුදු මගින් අනවසරයෙන් උතුරට පැමිණි දෙමළ සරණාගතයන් දෙදෙනකු හා ඔවුන්ව රැගෙන එන ලද ඉන්දීය බෝට්ටුකරුවන් දෙදෙනකු නාවික හමුදාව විසින් 11 වැනිදා යාපනය තොණ්ඩමනාරු මුහුදු තීරයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මෙරටට සංක‍්‍රමණය වීමට උත්සාහ කරන ලද පුද්ගලයන් දෙදෙනා වැල්වැටිතුරෙයි සහ මුලතිව් යන ප‍්‍රදේශයන් හි පදිංචිව සිටි ශ‍්‍රී ලාංකිකයන් වන අතර, එක් පුද්ගලයෙක් එල්ටීටීඊ සංවිධානයේ සාමාජිකයකුව සිට ඇති බවට වැඩිදුරටත් තහවුරු කර ගෙන ඇත.

එමෙන්ම එම පුද්ගලයා ස්වසන අපහසුතාවකින් සහ පපුවෙහි ඇති වූ වේදනා තත්ත්වයක් හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහල වෙත පොලිස් ආරක්ෂාව යටතේ ඇතුළත් කිරීමට කටයුතු කළ අතර, ‘කොවිඞ් – 19’වෛරසය ආසාදනය වී ඇතිදැයි තහවුරු කර ගැනීම සඳහා එම පුද්ගලයා පී. සී. ආර්. පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට නියමිතය.

එසේම ඉන්දියාවේ සිට පැමිණි අනෙක් පුද්ගලයා එල්ටීටීඊ සංවිධානයට යම් සම්බන්ධතාවක් පැවැත්වූ පුද්ගලයකු බවට සැක පළ කරනු ලබයි.

මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලද මෙම පුද්ගලයන් වයස අවුරුදු 21 ත් 52 ත් අතර වයසේ පසුවන පුද්ගලයන් බවට අනාවරණය කර ගෙන ඇත.

මොවුන් සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු සිදු කිරීම සඳහා භාර දෙන තෙක් අනෙක් පුද්ගලයන් තිදෙනා සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රමවේදයන්ට අනුව වෙන් වූ ස්ථානයක ආරක්ෂිතව, හුදකලාව රඳවා තැබීමට කටයුතු කර ඇත. එම පුද්ගලයන් ද පී. සී. ආර්. පරීක්ෂණය සඳහා යොමු කිරීමට නියමිතය.

දිනසේන රතුගමගේ

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!