Gossip

ඇවිදින මංතීරුවේ සිටි කෝටිපති ව්‍යාපාරිකයාව මරා දැම්මේ අංගොඩ ලොක්කට සල්ලි දුන් නෑ කියලාද?

මුදල් පොලියට දීම ඇතුළු ව්‍යාපාර කිහිපයක නිරතව සිටින කෝටිපති ව්‍යාපාරිකයකුට මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල ආසන්නයේදී ඇවිදින මංතීරුවේ ඇවිදිමින් සිටියදී ඊයේ (25) රාත්‍රියේදී වෙඩි තබා ඝාතනය කර තිබුණා.

එලෙස ඝාතනය කර තිබුණේ හිඹුටාන බැංකුව හන්දිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන රොෂාන් ප්‍රේමලාල් (46) නමැති ව්‍යාපාරිකයෙකුයි.

කොන්ත්‍රාත් ව්‍යාපාර, බර වාහන ආනයනය කර අලෙවි කිරීම ඇතුළු ව්‍යාපාර රැසක නිරතව සිටින ඔහුගෙන් මාකඳුරේ මධුෂ් සමග එක්ව සිටින අංගොඩ ලොක්කා කප්පම් ඉල්ලා ඇති බවට තොරතුරු බුද්ධි අංශ වෙත ලැබී තිබුණා.

කප්පම් නොදීම නිසා මෙම ඝාතනය සිදුවී ද නැතිනම් ව්‍යාපාරික ආරවුලකට ඔහුව මරා දැමුවේද යන්න පිළිබඳ සැකයන් දෙකක් පවතින බව පොලීසිය සඳහන් කරනවා.

මෙම ව්‍යාපාරිකයා ඔහුට අයත් ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයකින් පැමිණ නෙවිල් ප්‍රනාන්දු රෝහල අසල ඇති ඇවිදින මංතීරුවේ ව්‍යායාම් කිරීමට යමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්ව ඇතැයි විමර්ශනවලින් පෙනී ගොස් තිබෙනවා.

වෙඩික්කරු යතුරුපැදියකින් පැමිණ ඇති බව සඳහන්ය.

කොළඹ සහ ඒ අවට තදාසන්න නගර ආශ්‍රිතව ගෙවි ගිය තෙමස තුළ සිදුවුණු පාතාලයේ 15 වැනි ඝාතනය වන්නේ මෙයයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!