Gossip News

ඇවන්ට්ගාර්ඩ් සිදුවීමේ හෙළිදරව්ව සම්බන්ධයෙන් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය දක්වපු ප්‍රතිචාරය මෙන්න- Photos & Video

ඇවන්ට්ගාර්ඩ් සිදුවීම සම්බන්ධයෙන් එහි සභාපති නිස්සංක සේනාධිපති ඊයේ සමාජ මාධ්‍යට අති විශේෂ රහසක් සියළුම ශ්‍රි ලාංකික ජනතාවට ඉදිරිපත් කරන්න යනවා පවසමින් වීඩියෝවක් සමාජ මාධ්‍යට එක්කර තිබුණා. එම වීඩියෝව හරහා සේනාධීර මහතා හා දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය අතර ඇතිවුණු දුරකථන සංවාදයක් ප්‍රචාරය කර තිබුණා.

වීඩියෝව හරහා එතුමා පවසනවා දිල්රුක්ෂි මහත්මිය ඝෝඨාභය රාජපක්ෂ මහතාට නඩු දැම්මේ බොරුවට කියලා ඇය පිළිගත් බව හා තමන්ට නීති හදන්නත් පුළුවන් කඩන්නත් පුළුවන් කියලා ඈ ප්‍රකාශකළ බවත් ය.

මෙම ප්‍රකාශයට ප්‍රතිචාරයක් වශයෙන් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය පණිවිඩයක් සමාජ මාධ්‍යට එක් කර තිබුණා .

“Nissanka Senadhipathi

නිස්සංක සේනාධිපති මහතා වෙත

රජයේ සේවකයෙකු වශයෙන් මට ඔබ මේ දමා ඇති දුරකථන සංවාදය පිළිබඳව මහජනතාවට පැහැදිලි කිරීමක් කළ නොහැක.මේ
එහෙයින් පහත ප්‍රශ්ණ දෙකට උත්තර දෙන්න.

1. ඔබ හා සිදුකරන මෙම දුරකතන සංවාදය මට දුන්නෙ රජයේ මොන ඇමතිතුමා ද හා කුමන හේතුවක් නිසාද යන්න ජනතාවට කියන්න.

2. ඔබ එම දුරකථන සංවාදය විකෘති කර ඇති හෙයින් මහජනතාවට දැනගැනීමට මුලු සංවාදය ම නිදහස් කරන්න.

Nishshanka Senadhipathi,

As a public officer I’m not permitted to make public or press statements.

Therefore please respond to the following.

1. Please publish the entire telephone conversation without editing, doctoring and distorting the contents.

2. Please disclose to the public the name of the minister to whose telephone you called and the reasons why the said minister passed the telephone to me. ”

නිස්සංක සේනාධිපති මහතා නිකුත්කළ වීඩියෝව පහතින්

 

ඇවන්ට්ගාර්ඩ් සිදුවීමේ හෙළිදරව්ව සම්බන්ධයෙන් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය දක්වපු ප්‍රතිචාරය පහතින්

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!