Gossip

ඇමරිකාවේ කොරෝනා බලකායේ තිදෙනකුට කොරෝනා

ඇමරිකා එක්සත් ජනපදයේ සිටින ප්‍රධාන පෙළේ වසංගත රෝග විශේෂඥයෙකු වන වෛද්‍ය ඇන්තනි ෆවුකි ඇතුළු ධවල මන්දීරයේ කොරෝනා කාර්ය සාධන බළකායේ සාමාජිකයින් තිදෙනෙකු කොරෝනා වෛරස් ආසාදිතයෙකුට නිරාවරණය වීම නිසා සති දෙකක ස්වයං  නීරෝධායනයකට ලක් වී  ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

කෙසේ වුවද මෙම නීරෝධායනයට ලක් වී සිටින කොරෝනා කාර්ය සාධන බළකායේ 79 හැවිරිදි වෛද්‍ය ෆවුකි  කොරෝනා ආසාදිතයාට නිරාවරණය වී  ඇත්තේ අඩු වශයෙන් බව ඔහුගේ ජාතික ආසාත්මික හා බෝවන රෝග පිළිබඳ ජාතික ආයතනය ප්‍රකාශ කර තිබේ .සිදු කරන ලද මුලික පරීක්ෂණවලදී වෛද්‍ය ෆවුකිට  කොරෝනා වෛරසය ශරීරගත වී නොමැති බව හෙළි වී තිබේ. කෙසේ වුවද වෛද්‍යවරයා නිවසේ සිට සති දෙකක කාලයක් සිය රාජකාරි කටයුතුවල නිරත වනු ඇති අතර ඒ අතරතුර නිරතුරුව ඔහුව පරික්ෂාවට ලක් කෙරෙනු ඇතැයි ආයතනය කියයි.
ඉකුත් සිකුරාදා ඇමරිකානු උප ජනාධිපති මයික් පෙන්ස්ගේ මාධ්‍ය ලේකම්වරිය වන කේටි මිලර් කොරෝනා ආසාදනයට ගොදුරු වී ඇති බව හඳුනාගෙන තිබිණි .ඇය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පුද්ගලික කාර්ය මණ්ඩල සාමාජිකයෙකු වන ස්ටීවන් මිලර් ගේ බිරියයි .මීට පෙර ජනාධිපති ට්‍රම්ප්ගේ පුද්ගලික කාර්ය මණ්ඩල සාමාජිකයෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කෙරිණි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!