Gossip News

ඇමරිකාවේ කොරෝනා ආසාදිතයෝ 5000 පනි

නව කොරෝනා වෛරසය හේතුවෙන් අමෙරිකාවේ මියගිය සංඛ්‍යාව 258 ක් වන අතර ආසාදිතයින් 19,469 ක් ලෙස වාර්තා වේ.

ගත වූ පැය 24ක කාලය තුළ ඇමරිකාවෙන් නව ආසාදිතයින් 5,000කට අධික පිරිසක් හදුනාගෙන තිබීම කැපී පෙනෙන සිද්ධියක්.

ඒ අනුව ඇමරිකාවේ ජනගහනයෙන් සියයට 23ක පමණ පිරිසකට බලපැවැත්වෙන පරිදි නිවස තුළ රැදී සිටීමේ නියෝග ප්රාපන්ත බලධාරීන් විසින් නිකුත් කර තිබේ.

කැලිෆෝනියා, නිව්යෝර්ක් ඇතුළු ප්‍රාන්ත කිහිපයකටම මෙලෙස නියෝග නිකුත් කර ඇති අතර පවතින තත්ත්වය හමුවේ ටෙක්සාස් ප්‍රාන්තයේ “මහජන සෞඛ්‍ය  ආපදා තත්ත්වයක්” ප්‍රකාශයට පත් කිරීමට ද පියවර ගෙන ඇති බව සදහන්.

මෙවැනි ආපදා තත්ත්වයක් එම ප්‍රාන්ත තුළ ප්‍රකාශයට පත් කර ඇත්තේ වසර 100කට පසුව වීම විශේෂත්වයක්.

ඇමරිකාවට අමතරව ජර්මනිය, ස්පාඤ්ඤය, ඉරානය, ප්රංවශය සහ ස්විට්සර්ලන්තය යන රටවලින් ද ගත වු පැය 24ක කාලය තුළ නව ආසාදිතයින් දහස ඉක්මවූ සංඛ්‍යාවක් වාර්තා වී ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!