Gossip

ඇත් පැටියාගේ පහරදීමෙන් පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් අපවත් වෙයි

බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් කොළඹ පෞද්ගලික රෝහලකදී අපවත් වී තිබෙනවා.

ඊයේ දිනයේදී විහාරස්ථානයේ ‘‘මියන්කුමාර’’නම් ඇත් පැටවෙකු සිදුකළ පහරදීමකින් තුවාල ලැබීම නිසා උන්වහන්සේ කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කෙරුණු අතර එහි අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන කියා ඇත්තේ බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ අස්ථි බිදීමක් සිදුව ඇති බවයි.

කළුබෝවිල ශික්ෂණ රෝහලේ ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ සිට පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් ඊයේ පස්වරුවේ කොළඹ පෞද්ගලික රෝහලක් වෙත මාරු කර යැවුණා.

ඊයේ පෙරවරුවේ ඇත් පැටවාට සියඹලා ලබාදීමට යාමේදී බෙල්ලන්විල විමලරතන හිමියන් මෙම අනතුරට මුහුණ දී ඇති බව එම ඇත් පැටවා රැක බලා ගැනීමේ කටයුතු සිදුකරන සේවකයෙකු කියා තිබෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!