Gossip

ආසාදිතයන් තවත් ඉහළට… මිනුවන්ගොඩ හා පෑලියගොඩ ආසාදිතයන් 5232 ක්..

කොවිඩ් 19 ආසාදනය වූ තවත් 293ක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ඔවුන්ගෙන් 291 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැලේ අශ්‍රිතයින් බවත් දෙදෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගත් බවත් ඔහු පැවසීය.

ඒ අනුව අද (27) වන විට මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමස්ථ ආසාදිතයින් ගණන 5,232ක් වේ.

ඒ අනුව, මේ දක්වා මෙරටදී හඳුනාගෙන ඇති රෝගීන් සංඛ්‍යාව 8,706කි.

අද දහවල් 110දෙනෙක් සුවය ලැබීමත් සමගම සුවය ලැබු ගණන 4,043ක් වේ.

මේවන විට රෝහල්ගතව සිටින ආසාදිතයන් ගණන 4,646ක් වනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!