Gossip

ආරච්චිකට්ටුවේ මන්තී‍්‍ර නිවසකට පැන යකා නටලා

ආරච්චිකට්ටුව ප‍‍්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත‍‍්‍රීවරයකු සහ ඔහුගේ ආධාරකරුවකු ඊයේ (13 දා) හලාවත අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තැබීමට හලාවත මහෙස්ත‍‍්‍රාත් සහ දිසා විනිසුරු මංජුල රත්නායක මහතා නියෝග කළේය.

හලාවත කුමාරකට්ටුව ප‍‍්‍රදේශයේ මාර්ගයක යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයකුට පහර දී එම පුද්ගලයාගේ නිවසට බලහත්කාරයෙන් ඇතුළුවී දේපළට හානි කිරීම සම්බන්ධයෙන් මොවුහු සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ ආරච්චිවිකට්ටුව ප‍‍්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත‍‍්‍රී සුදත් රෝහිත සහ ඔහුගේ ආධාරකරුවකු වූ විජිත රම්‍යකුමාර නමැත්තෙකි. පහරදීම, නිවසකට බලහත්කාරයෙන් අයුතු ඇතුළුවීම, පුද්ගලික දේපළවලට අනර්ථයක් සිදුකිරීම යන චෝදනා මත මෙම පුද්ගලයින් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

මෙම සිද්ධියේදී පහරකෑමට ලක්ව ඇත්තේ කුමාරකට්ටුව නෙලූම්කුලිය මැදවත්තේ සහකාර වතුඅකාරීවරයාගේ පුත‍‍්‍රයකු වන 19 හැවිරිදි චාමින්ද කනිෂ්ක නමැති පුද්ගලයෙකි.

ඉකුත් 09 දා රාත‍‍්‍රී පහර කෑමට ලක්වූ පුද්ගලයා කුමාරකට්ටුව ප‍‍්‍රදේශයේ මාර්ගයේ සිය යතුරුපැදියෙන් ගමන්කරමින් සිටියදී මන්ත‍‍්‍රීවරයා සහ තවත් ප‍‍්‍රදේශයේ පුද්ගලයකු පහරදුන් බවත් අනතුරුව තම ජීවිත බේරා ගැනීමට නිවසට දුවපැන සැගව සිටියදී ද එම මන්ත‍‍්‍රීවරයා සහ අනෙක් පුද්ගලයා පැමිණ නිවසේ තිබූ අඟල් 52ක වර්ණරූපවාහිනී යන්ත‍‍්‍රය පොලූ මුගුරුවලින් ගසා කුඩු කළ බවත් අගතියට පත්වූවන් කළ පැමිණිල්ලේ සඳහන් වෙයි.

අනතුරුව සිදිධියට අදාළ මන්ත‍‍්‍රිවරයා ප‍‍්‍රදේශයෙන් අතුරුදහන්ව සිටි අතර පසුව හලාවත පොලිසිය සිදුකළ මෙහෙයුමකින් අනතුරුව 12 වැනිදා අත්අඩංගුවට ගනු ලැබීය.

මහවැව අමරනන්ද විජේසේකර

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!