Gossip

ආරක්‍ෂාව සපයා තිබූ නිසා දෙහිවල දේවස්ථාන පාස්කු ප‍්‍රහාරයෙන් බේරුණා…

දෙහිවල ප‍්‍රදේශයේ සියලූ කතෝලික දේවස්ථානවලට ආරක්ෂා සපයා තිබූ බැවින් 2019 අපේ‍්‍රල් 21 වැනිදා පාස්කු දින එල්ල කළ බෝම්බ ප‍්‍රහාරවලින් එම දේවස්ථාන ආරක්ෂා වූ බව ගල්කිස්ස සහකාර පොලිස් අධිකාරී එච්.ඒ.ඞී සමන් උදයකුමාර ජයසේකර මහතා පාස්කු බොම්බ ප‍්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් ඊයේ (28) දා පැවසීය.

දෙහිවල සහ කොහුවල යන ප‍්‍රදේශ භාරව රාජකාරි කටයුතු කළ අදාළ නිලධාරියා නිවාඩු ලබා ගෙන තිබූ එම අවස්ථාවේදී තමන් විසින් එම රාජකාරිය ආවරණය කිරීමට කි‍්‍රයා කළ බව පැවසූ ඒ මහතා තවදුරටත් ප‍්‍රකාශ කර සිටියේ දෙහිවල ශාන්ත මේරි දේවස්ථානයේ පොලිස් මුරපොළක් පවා ස්ථාපිත කර තමන් විසින් එහි කටයුතු නිරීක්ෂණය කිරීමට පවා කටයුතු කළ බවයි.

තමන් යටතේ සේවය කළ නිලධාරීන්ගේ සේවය පිළිබඳව සෑහීමකට පත්වන බවත් පැවසූ ඒ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කර සිටියේ එම නිලධාරීන් තම සේවය නිසි පරිදි ඉටු කිරීමට කටයුතු කළ නිසා බොම්බකරුවන්ගේ උපක‍්‍රම අසාර්ථක වී එම බෝම්බකරුවන් වෙනත් ස්ථානයකදී එම බොම්බ පුපුරුවා ගන්නට ඇතැයි කියා තමන් විශ්වාස කරනබවය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!